(යොහාන් භාසුර)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීමට කිසිසේත් ඉඩ නොතබන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ ක්‍රියාකලාපය ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීමක් බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (27) පැවසීය.
නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලිකාංගයක් වුවද මැතිවරණ පැවැත්වීමට රජයට කිසිඳු උවමනාවක් නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ක්‍රියාවලට මැදිහත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට මරු ප්‍රහාරයක් වීම නිසා එය ආරක්ෂා කිරීමට විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු ඒකාබද්ධ නිවේදනයක් දැනටමත් නිකුත් කළ ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
අයි.එම්.එෆ්. ගිවිසුම සඳහා විපක්ෂයේ සහයෝගය අවශ්‍ය නම් ඒ පිළිබඳව කලින් විපක්ෂය දැනුවත් කර පසු විපක්ෂයේ සහාය ලබාගත යුතු අතර සියල්ල අවසාන වූ පසු විපක්ෂයෙන් සහය ඉල්ලීම අසාධාරණ බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහ ගතකිරිම කිසිසේත්ම අනුමත නොකරන අතර එසේ සිදුවුවහොත් වැඩකරන ජනතාවගේ විශ්‍රාම වැටුප අවප්‍රමාණය වීම සහ බැංකු පද්ධතිය කඩා වැටෙන බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.
ලාභ ලබන රජයේ ආයතන විකුණා දැමීමට දැඩිව විරෝධය දක්වන අතරම එම ආයතන අප රටේ ආර්ථිකයේ ජීවනාලිය වීම නිසා එසේ කරනවා නම් නව ජනමතයක් ලබාගත යුතු බව කී ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් සමාජ ආරක්ෂක දැලක් ක්‍රියාත්මක කළයුතු බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් එල්ල කිරීම හොඳයි කියා අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ.ඒත්,අද මෙසේ මෙවැනි අදහස් ප්‍රකාශ කරන ඔබතුමා,එදා අට පාස් මන්ත්‍රීවරුන් හිටපු අගවිනිසුරු තුමිය සම්බන්ධ සිද්ධියේදී එසේ ක්‍රියා කරන විට,ඔබතුමා සිටියේ මොන පැත්තේද කියා සිතෙනවා. කාලෙන් කාලෙට තාලෙන් තාලේ ... කියා තිබෙන්නේ නිකම්ම නිකම් නොවන බව පෙනේ.
අනේ මෙයාගෙ මහලොකු කයිවාරු... පෙරහැර ගිහිල්ල ඉවරයි.
මෙයාගේ ගෝලයෙක් වූ ශිරාණි බණ්ඩාරනායක ට දෝශාබියෝගේ ගෙනාවම අත නොතිබ්බ වගේද