(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සහ බෙදා හැරීම ඇතුළු මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා සමාගම් තුනකට අනුමැතිය දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම සමාගම් 3 සඳහා දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන අලෙවි නියෝජිතයින් විසින් මෙහෙයවන ඉන්ධන පිරවුම්හල් 450 සහ එම සමාගම් තුන තෝරාගත් නව ස්ථානවල නව ඉන්ධන පිරවුම්හල 50 ක් ද ස්ථාපිත කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට වසර 20ක් ක්‍රියාත්මක වීමට බලපත්‍රයක් දී ඇති බවද අමාත්‍යවරයා කීය.