(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ -2022 විභාගයේ පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (28) නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

පෙරදිග සංගීතය විෂයයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

මේ අතර ගෘහ ආර්ථික විද්‍යාව සංගීතය (කර්ණටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව, (සිංහල,දෙමළ, ඉංග්‍රීසි) යන විෂයන්හි ප්‍රායෝගික පරික්ෂණ කලින් සැලසුම් කළ පරිදි අද පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.