(අංජුල මහික වීරරත්න)
තමා ජනාධිපති වශයෙන් අනිවාර්යයෙන්ම රැඳවුම් බලතල පාවිච්චි කරන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය හැමෝටම තිබෙන අතර සාමකාමී උද්ඝෝෂණ කියා සිදුවෙන්නේ ප්‍රචණ්ඩත්වය නම් එතැන ගැටලුවක් තිබෙන බව ජනාධිපතිවරයා කීය.
රැඳවුම් භාරයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් හැර අනික් අය නිදහස් කර තිබෙන බවත් මාස තුනක රැදවුම් කාලය අවසන් වීමට පෙර ඔවුන් නිදහස් කර ඇතැයි ද කී ජනාධිපතිවරයා රටේ දේවල් සාමකාමී බැවින් ඔවුන් නිදහස් කළ බව පැවසීය.
සූම් තාක්ෂණය ඔස්සේ පැවති ජාත්‍යන්තර සාකච්ඡාවක් අතරතුරදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට ගොතලා බොරු කියන්න උගන්වපු ඉස්කෝලෙ මොකක්ද. ඔයා ලැජ්ජා විය යුත්තේ වයසට ගිහිල්ලත් අනිත්‍ය ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් නැතිවීම ගැන.
සාමකාමී විරෝධතා යනුවෙන් ප්‍රපංචයක් නොමැත. මහත්මා ගාන්ධි තුමාගේ ව්‍යාපාරයේ වුව තිබුනේ නමට අවිහිංසාව ය. මිරිහාන, ගෝල් ෆේස් හෝ පාර්ලිමේන්තු වට රවුම අසල පවා පසුගිය කාලයේ පැවතියේ සාමකාමී විරෝධතා නොවේ. ප්‍රකෝප කිරීම් ය. අඩන්තේට්ටම් කිරීම් ය.'"සාමකාමී" බෝඩ් ලෑල්ලට මුවා වී සිදු කරන එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලට නිසි පිළිතුරු දීම රාජ්‍ය නායකයාගේ වගකීමයි.
උත්ගොෂකයන්ට පහරදීලා එලවන්න කියල පොලිස් ලොක්කන්ට කෝල් කර කර වද වෙන පිනා ම එහෙම කියනවනේ
වසන්තව දින 90ක් රදවාගෙන හිටියෙ මම රැදවුම් නියොගක් දීල වෙන්න ඇති, ලැජ්ජනැතිකම පින් ජනාදිපති කමටත් වැඩිය ලොකුයි වගේ.
අලුත් නීති අවශ්‍යය නැත.
දිව දෙකේ කාලකන්නියෙක්