( සුමිත් පොතුපිටිය) 

මරදාන බලා ගමන් කළ ගාලුකුමාරී සීඝ්‍රගාමී දුම්රියේ අද (27) වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් ගැටී කාන්තාවන් දෙදෙනකු සුළු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

වාද්දුව තල්පිටිය රත්නායක පාර ආසන්නයේ ඇති  අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදෑසන 8.45 පමණ අනතුර සිදුව ඇත.

ගාලුපාර දෙස සිට මුහුදු බඩ දෙසට ත්‍රීරෝද රථය ගමන් කර ඇති අතර ආරක්ෂක බැරියර් නොමැති බැවින් හරස් මාර්ග‍ය ඔස්සේ ගමන් කිරීමේදී ත්‍රීරෝද රථයේ එන්ජිම නතරවී ඇතැයි සදහන් වේ.

ත්‍රීරෝද රථ රියදුරු බැස කාන්තාවන් දෙදෙනාව  රථයෙන් ඉවතට ගෙන  ඇති අතර, ඒ අතරතුර දුම්රිය ත්‍රීරෝද රථයේ ගැටී තිබේ.

කතුන් දෙදෙනා සමෘද්ධි සහනාධාර ලබාගැනීම සදහා තල්පිට්ය සමෘද්ධි බැංකුව වෙත යමින් සිට ඇතැයි සදහන් වේ.