
(පී.බී ගාර්දයවසම් සහ චන්ද්‍රෙස්න ගමගේ)
තංගල්ල නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේදී අද (27) උදෑසන තියුණු ආයුධයකින් පහරදී සේවය සදහා යමින් සිටි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහාකාරවරියක මරා දමා ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.
මරා දමා ඇත්තේ නෙටොල්පිටිය ,වැලිආර පදිංචි දීපශිකා ලක් රුවනි විජේදාස නැමැති 28 හැවිරිදි විවාහක කාන්තාවකි .
ඇය සේවය සදහා නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයට යමින් සිටියදී මග රැක සිටි අයෙකු තියුණු ආයුධයකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි.
මළසිරුර තංගල්ල මහ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත . සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත් අඩංගුවට ගැනිමට තංගල්ල පොලිසිය සමත් ව ඇති අතර සිද්ධිය සමහ්බන්ධයෙන් තංගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීඛ්ෂක ජයවික්‍රම මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක සිද්ධියක් කියන්නම්කො ඔය ප්‍රදේශයේ මිනිස්සු හරියට කටුගහේ කටු උල්කරන්න අවශ්‍ය නැහැ වගේම තමයි තංගල්ල කියන්නෙ මීනීමරුවන්ගෙ රජ දහනක් කිව්වට වැරැද්දක් නැහැ කොහොම වුනත් ඔය කියන තනතුරු ධාරීන් කරන පර්යේෂණ මොනවාද කියලා දන්න කෙනෙක් කියන්න එනිසා තනතුර කුඹුරු නිළධාරි කියලා අලුතින් සකසන්න වැරදි නම් ඔවුන් කරපු පර්යේෂණ වාර්තා (සංඛ්‍යා ලේඛන නොවෙයි ) ප්‍රසිද්ධ කරන්න
තේරෙනව නේද පෙම් පලහිලව්වක් කියල..
දකුන ඉන්න වැඩිපුර දූශන,මිනිමැරුම් කාරයෝ
මොනව නමුත් ප්‍රචන්ඩත්වය අනුමත කරන්න බැහැ , මෙ නිලදරිනිය ගැන දන්නෙ නැති නිසා මරණය ගැන හෝ අය ගැන පුර්ව නිගමනයකට එන්න බැහැ. නමුත් ලංකාවෙ ගොවිජනසෙවා කාර්යාලයකින් වැඩක් කරගන්න ගියහම වෙන රස්තියාදුව දැක්කහම සමාන්‍යය මිනිසුන්ටත් සිතෙනව ඒ්කෙ ඉන්න නිලදරින් පිහියක් අරන් අනින්න.
අද රටේ අපරාධ වැඩි වී ඇත්තේ ඒවාට නිසි දඬුවම් නොලැබීම නිසයි.
රජය විසින් කරන වැරදි වලට ගොවීන් වෛර කරනුයෙ නිළදාරින්ටය.ඇතැම් විට මෙය කුඹුරු ඉඩම් ගොඩ කිරීමක් සම්බන්ධ ගැටළුවක් විය හැකියි.