අතරමඟ නතර වුණු ව්‍යාපෘති පටන් ගන්න දවස ඇමැති ප්‍රසන්න කියයි දැනට නතර කරනු ලැබ ඇති සංවර්ධන ව්‍යාපෘති සියල්ල ආර්ථිකය යථාවත් වීමත් සමග කඩිනමින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 25 August 2022
නයි සපත්තුව පැළඳි සිසුවා රෝහලෙන් පිටව යයි කුඩා නයි පැටවකු ඇතුළුවී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයා රෝහලෙන් අද (25) පිටව ගිය බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය. 25 August 2022
කඳුකර කොටි පැටවෙක් මද්දකට බිලි මන්දකට හසු වි සිටි තවත් කඳුකර කොටි පැටවකු ජිවිතක්ෂයට පත් වු බව නුවරඑලිය වනජිවි කාර්යාලයේ නිලධාරිහු පවසති. 25 August 2022
ඩොලර් මිලියන 04ක බෙහෙත් බඩු තෑග්ගක් ලැබෙයි ශ්‍රී ලාංකික ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකා ඩොලර් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් අධානම් ගෙබ්‍රීසියස් (Tedros Adhanom Ghebreyesus) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කරයි. 25 August 2022
මහ පාරේ උද්ඝෝෂණවලින් ’’සිස්ටම් චේන්ජ්’’ කරන්න බැහැ මහ පාරේ උද්ඝෝෂණවලින් හෝ දේශපාලන ව්‍යාපෘති වලින් සිස්ටම් චේන්ජ්( ක්රමයේ වෙනසක් ඇති කිරීම) කළ නොහැකි බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. 25 August 2022
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත කෘතීන් ප්‍රකාශයට පත්කෙරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සුමංගල ශාලාවේදී සැප්තැම්බර් මස 1 වැනිදා පස්වරු 3.00ට පැවැත්වෙන අතර එහි සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශිත කෘතීන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත. 25 August 2022
ලංකාව ගැන සංචාරක නීති ලිහිල් කළ ස්විට්සර්ලන්තයට ප්‍රශංසා හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් පසුව ස්විට්සර්ලන්ත රජය විසින් ශ්‍රී ලංකාවට එරෙහි සංචාරක උපදේශන ලිහිල් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) ප්‍රශංසාව පළ කර තිබේ. 25 August 2022
ලංගම ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නෑ ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) ඩිපෝවලට දින දෙකකින් ඩීසල් නොලැබුණු බවත් ඒ හේතුවෙන් රටපුරා ලංගම ඩිපෝ රැසක ඩීසල් අවසන් වී ඇති බවත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසීය. 25 August 2022
ඩීසල් - පෙට්‍රල් නැවතත් හිඟයක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් සහ පෙට්‍රල් යන ඉන්ධන වර්ග දෙකේම තොග නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා නැවතත් ඉන්ධන හිඟයක් ඇති වී තිබෙන බවත් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා අද (25) පැවසීය. 25 August 2022
මධ්‍යම අධිවේගීයේ කඩවත-මීරිගම කොටසෙහි කම්බි කපන ජාවාරමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටසෙහි ඇතැම් ප්‍රදේශයන්හි කොන්ක්‍රීට්වලට යොදා ඇති කම්බි කොටස් කපා යකඩ සදහා අලෙවි කෙරෙන ජාවාරමක් සිදුවන බව වාර්තාවේ. 25 August 2022
ත්‍රස්ත පනත අවභාවිතා කර සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය ඛේදනීය තත්ත්වයක් ප්රජාතන්ත්රවාදය හා ජනතාවගේ මුළික අයිතීන් ගරු කරන හා ශිෂ්ට සමාජයේ දැඩි විරෝධයට ලක්ව තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිතා කරමින් දේශපාලන හා සිවිල් ක්‍රීයාකාරකයන් මර්ධනය කිරිම අතීශයෙන්ම ඛේදනීය තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. 25 August 2022
‘‘අරගලය මර්ධනය කරන අය සමග සම්බන්ධ වෙන්නේ නෑ‘‘ කුමන තනතුරු දුන්නත් පොදුජන අරගලය මර්දනය කරන ආණ්ඩුවට සම්බන්ධ නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය. 25 August 2022
අපුර‘සතොස ගබඩා කලමණාකාරිණියට රට යන්න තහනම් අනුරාධපුර සතොස තොග ගබඩාවේ තිබූ රුපියල් හය කෝටි අනූ හත් ලක්ෂයක් වටිනා නාඩු සහ සම්බා සහල් විශාල තොගයක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර සතොස තොග ගබඩාවේ කළමනාකාරිනියට විදේශ ගතවීම වලකාලමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා කටුනායක සහ මත්තල ජාත්‍යංතර ගුවන් තොටුපලෙවල ආගමන විගමන පාලකවරුන්ට තහනම් නියෝග දෙකක් නිකුත් කළේය. 25 August 2022
කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවීම නිසා අගෝස්තු 07 වැනිදා මරණයට පත් වූ කඳුකර කොටියාගේ මරණය සම්බන්ධයෙන් සොයන්නට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබේ. 25 August 2022
පළාත් තුනකට අදත් තද වැසි දිවයිනේ ප්‍රදේශ රැසකට අද (25) වැසි ඇතිවන අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 August 2022
චාජර් ගෙනයන්න හැදූ රැඳවියා මාට්ටු වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය තුළට ජංගම දුරකථන දෙකක්, බැටරි දෙකක් සහ බැටරි ආරෝපණ දෙකක් ( චාජර) රැගෙන යාමට උත්සාහ දැරූ රැඳවියකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 25 August 2022
සපත්තුවේ සිටි නයා දරුවගේ පාදයේ තැන් දෙකක කාලා කුඩා නයි පැටවකු ඇතුළු වී සිටි සපත්තුවක් පැළඳ පාසල් ගිය ශිෂ්‍යයාගේ පාදයේ සර්ප දෂ්ඨන සිදුවී ඇති බවට සලකුණු දෙකක් ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට හමුවී ඇත. 25 August 2022
දැරියක් අපයෝජනය කළාට වසර 36ක සිරගෙට වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේදී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය. 25 August 2022
බස් යතුරු පැදි ගැටී තරුණයෙක් මරුට කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි . 25 August 2022
අරගලයේ දෙවන රැල්ල ගැන සීරුවෙන් “රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි. 24 August 2022
රෝහිත රාජපක්ෂගේ හෝටල්වලට ගිනි තැබූ තුනක් අල්ලයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් යැයි කියන ඇඹිලිපිටිය කොලොන්න ගොන්ගලකන්ද කැලෑවේ ඉදිකර තිබු හෝටලයකට පහර දී ගිනි තබා එහි භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 24 August 2022
සැලුන් හිමිකරු වෙඩි ප්‍රහාරයෙන් මරුට ඌරගස්මංහන්දිය පොලිස් වසමට අයත් රන්තොටුවිල නුගුඩුමුල්ල හංදියේ කොණ්ඩා කපන ස්ථානයක් අසලදී අද සවස පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. 24 August 2022
ත්‍රස්තපනත නිසා එතෙර සහාය නැති වේවි ත්‍රස්තවාදය වැළැක්වීමේ වෙනුවට නව පනතක් ගෙනඑන තුරු දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකරන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇති බවත්, එම පොරොන්දුව කඩකිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහය ලබාගැනීමේ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් ශ්‍රී ලංකා පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (24) පැවසීය. 24 August 2022
රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම යළි ඇරඹේ රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ හෙට (25) සිට නැවත තැපැල් කාර්යාල භාරගන්නා බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. 24 August 2022
අයි.එම්.එෆ් නියෝජිතයෝ ජනපති හමු වෙති ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි. 24 August 2022
පාසල අසල වල්අලි කැරකෙති:පාසල වසා දමති වල් අලි රංචුවක් කඩා වැදීම නිසා ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල අද වසා දමා සිසුන් නිවෙස්වලට යැවීමට කටයුතු කළ බව විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා කටයුතු කළේය. 24 August 2022
වගා හානි සත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවතට ශ්‍රී ලංකාවේ වගා හානි සිදු කරන වනසත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට උපදෙස් දුන්නේය. 24 August 2022
දුරකතන බාර දෙනතෙක් සනත්,මිලාන්,ඩෑන් රඳවා ගනී අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට පහර දී මේ සිද්ධිවලට අදාල සැකකරුවන් වන සනත් නිශාන්ත සහ මිලානි ජයතිලක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහ ඩෑන් ප්‍රියසාද් යන අයගේ ජංගම දුරකථන පොලිස් භාරයට ලබාදෙන තෙක් ඔවුන් රඳවා තබා තබාගන්නා ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 24 August 2022
අඩු ආදායම්ලාභීන්ට දුන් නිවාස 22,000කට ඔප්පු නෑ රජය මගින් ලබාදුන් අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘතිවල නිවාසලාභීන් 22,308 කට මෙතෙක් හිමිකම් ඔප්පු ලබා දී නැතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 24 August 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ආසියානු ක්‍රිකට් කිරුළ සොයා යයි එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම අද (24) පස්වරුවේ ඩුබායි බලා පිටත්ව ගියේය. 24 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025