
(යොහාන් භාසුර)
උත්සව සමයේදී පාරිභෝගිකයන් අපහසුතාවයට පත්කරමින් වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළඳුන් සහ රාත්‍රී කාලයේදී වැඩි මිලට බිත්තර විකුණන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා රාත්‍රී වැටලීම ආරම්භ කළ බවත් ඒ සඳහා විශේෂ වැටලීම් කණ්ඩායම් කිහිපයක් ද යොදවාගෙන ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය උසස් නිලධාරියෙක් පැවැසීය.
එම අධිකාරිය දිවයින පුරා ඊයේ රාත්‍රී වැටලීම් 151 ක් කළ අතර එයට බිත්තර සම්බන්ධව වැටලීම් 51 ක් ඇතුළත් බව කී එම නිලධාරියා උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය ක්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන යටතේ මේ වන විට වැටලීම් 1250 කට ආසන්න ප්‍රමාණයක් කර ඇති බවද සඳහන් කළේය.
මෙම වැටලීම් රට පුරා නිවාඩු දින ඇතුළුව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාක්කුවට දාගන්න වැඩත් රෑට ලේසියිනේ...
"ලංකාවේ ප්‍රධාන ආහාරය බිත්තරයි. රජයේ වෙලා ඇමති ඒ සඳහා උපරිම ලෙස කැපවී බිත්තර මිල පාලනය කර අඩුමිලට ආනයනය කර ජනතාවට ආහාරය සැපයුම තහවුරු කළා. ඒ වගේම වැඩි මිලට බිත්තර දැමූ කිකිළියන් සියල්ල බිත්තර සහ මස් ආනයනය මගින් විනාශ කර දැමීමට පියවර ගත්තා" මේ අනාගතයේ පෙල පොතක ඡේදයක්...