
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මං තීර වෙන්කරන මැද පිහිටි බැම්මෙහි ගැටී අද (07) සවස සිදු වූ අනතුරින් මෝටර් රථය ගිනිගෙන විනාශ වී ඇතැයි කොල්ලුපිටිය පොලීසිය පවසයි .
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර මෝටර් රථයට හානි සිදුව ඇති බව පොලිසිය කියයි.
මෙම මෝටර් රථය ගාලු මුවදොර දෙස සිට ගාලුපාර ඔස්සේ දෙහිවල දෙසට ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ මං තීර වෙන්කරන මැද පිහිටි බැම්මෙහි ගැටී අනතුර වී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් මෝටර් රථය මාර්ගයෙ මැද උඩුබැලි අතට පෙරළි ගිනි ගෙන ඇති බවත් එම අවස්ථාවේදී රියදුරු ලෙස කටයුතු කළ කාන්තාව ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව මෝටර් රථයෙන් පිටතට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මෝටර් රථයේ හටගත් ගින්න නිවීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පැවසේ .
අනතුරින් මාර්ගය මැද ඉදිකර ඇති මං තීර වෙන්කරන කොටසට හානි සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ඳයෙන් අත්අඩංගුවටගත් කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රීවිලර් රථයක් මේ විදිහට අනතුරක් කර ගත්තා නම්, එහෙම මේ පුවත කියවපු පිරිසයි, එයට අදහස් දක්වන පිරිසයි කියන ලොකු ලොකු කතා බලන්න තිබුණා ඕනෑ හැටියට.. ඒත්, ඉතින් ලොක්කෙකුගේ හයි ෆයි වාහනවලින් සිදුවෙන අනතුරු දකිද්දී දත කට පූට්ටු වෙලා නැට්ට බඩ යටට යනවා... ඔන්න ඕකයි ඇත්ත තත්වේ.. "උස තැන් දැක හැකිළෙන්නේ.. මිටි තැන් දැක පුප්පන්නේ.... පහත් තැනින් යයි ගලා ජලේ"
අනතුරින් මාර්ගය මැද ඉදිකර ඇති මං තීර වෙන්කරන කොටසට හානි සිදුව තිබේ. දැන් මේවා හදන්න අර වාහනයේ රක්ෂණයෙන් ගෙවයිද? වහනය නම් පිච්චුනා ඉවරයි. ඒ වගේද මං තීර වෙන්කරන කොටසට සිදුවූ හානිය?