(අංජුල මහික වීරරත්න)
විනයක් සහ නීතියක් නොමැතිව රටක් ගොඩනගා ජනතාව සවි බල ගැන්විය නොහැකි යැයි කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
උදාවී තිබෙන්නේ රට ගොඩ ගත හැකි අවසාන අවස්ථාව යැයි කී කරුණානායක මහතා එමනිසා ජනතාව මේ අවස්ථාවේ දී ඉතාම බුද්ධිමත්ව, වගකීම් සහගතව සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු යැයි ද සඳහන් කළේය.
විපක්ෂය සහ ඇතැම් වෘත්තීය සමිති මේ අවස්ථාවේ දී ක්‍රියා කරමින් සිටින්නේ රට වැනසීමට විනා රට ගොඩනගා ජනතාව ශක්තිමත් කිරීමට නොවන බවට ද රවී කරුණානායක මහතා චෝදනා කළේය.
රටක්-ජන සමාජයක් වැනසී විනාශ වීමට ප්‍රධානතම හේතුව වනුයේ දේශපාලන නුගත්කමය යන්න (Political Illiterate) ගෝලීය පිළිගැනීම බව කී රවී කරුණානායක රාජ්‍යයන් අසාර්ථක වූයේ දේශපාලන නූගත්කම නිසා යැයි ද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට ගොඩනැගීම කෙසේවෙතත් ඔය කතාකරන දේශපාළුවන් නම් ස්ථිරවම ගොඩයනබව බලයේ ඉන්නකාලේ කරපු දේවල්වලින් පෙනීයනවා.
සතොස හොරාකාපු හැටි, මහබැංකුව හොරාකාපු හැටි අමතක වෙලාද? නුඹලා රාජ්‍ය දේපළ හොරාකාපු හින්දයි ඔය රට බංකොළොත් වුණේ..දැන් බයිලා කෙළින්නේ නැතුව ඉන්න.
රෙදි ඇඳගෙනද ඉන්නේ?
දේශපාලන නූගත්කමද? නූගත් හොර දේශපාලකයාද? ටික කාලයක් සද්ද නැතුව ඉඳලා ආයෙ දෙන්න වගේ හදන්නේ ගේමක්...
රටේ ආර්ථිකයට කළහැකි හානි සේරම මෙයා කරලා, දැන් රටේ ආර්ථිකය ගැන පුදුම අනුකම්පාවක් ඇවිල්ලා. මෙයාට දීපු සියළු අමාත්‍යංශම කෑවා. සතොස කෑවා, මහ බැංකුවට වැඩේ දුන්නා, අවසානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය කරන විට, ලොතරැයි මණ්ඩලයත් එම විදේශ අමාත්‍යංශයට ඇතුලත් කරන්නයි කියලා බලපෑම් කළා.
කතාව හරි, එහෙම නිසා තමයි තමුන්ලා බලයට ආවේ..., ඒ වගේම මහබැංකුව බින්දා කියලා වැලලෙන්න හදපු අයම ඒ බිඳපු එකා මහ පුටුවේම තිබ්බේ.
දේශපාලන අත්දැකීම් තියෙන, බලලෝභී, බඩගෝස්තරවාදි දූෂිතයින් කරපු හරියත් අපි දන්නවා. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කෙරුවේ දේශපාලුවන් මිස ජනතාව නෙවෙයි...
මෙයා හරි උගතා, මෙයාගේ උගත්කම රෙද්ද පල්ලෙන් යනවා.
තාම පණපිටින් ඉන්නවනේ...!
තමුන් පදිංචි වෙලා ඉන්න ගේ අයිති කාටද කියලාවත් දන්නේ නැති කෙනෙක්...
දේශපාලනය ගැන නූගත් වුණාට හොරාකන විදිය ගැන දැනුමක් තියෙනවනේ.. ඒ ඇති. මෙය පිටසක්වල ඉඳලා ඇවිත් වගේ කතා කරන්නේ... මහා බැංකුව මතක් වුණා.
මෙන්න බොලේ තවත් හොරෙක් පුහුලක් අරන් යනවා...
අනේ ඔයා පව්, තවම කලිසමේ අසූචි ගාගෙනනේ ඉන්නේ...!
හරියට හරි අපිට ඒ දේශපාලන උගත් කම තිබුනානම් ඔහෙලා සෙට් එකම දේශපාලනයෙන් අතු ගාලා දාලා බොහොම කල්.