
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
එසේ යෝජනා කළහොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.
යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
රේඩාර් පද්ධතිය පිහිටවූවොත් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බවත් චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති ආයතනය බවත් ඉකොනොමික් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේට චීනයට අවසර දෙන්න එපා. එහෙම වුණොත් අපේ අනාගත පරපුර අපට සාප කරාවි. චීන්නු මේ රටේ දූෂිත පාලකයින්ට ඒ දිනවල විශාල ලෙස ණය දුන්නේ ඇයිදැයි දැන් පැහැදිලිව සිතාගන්න පුළුවන්...
ඩොලර් බිලියන ගාණක් උගන්ඩාවේ ගිණුමකට බැරකරන්නම් කිව්වොත් අපේ දේශපාලුවන් අනිවාර්යෙන්ම ඕක දෙනවා. මොකද ඉතින් ඕවා කලින් සිද්ද නොවෙච්චි දේවල්යැ...
දෙන්න එපා.., දුන්නොත් ජනතාව පෙළගැසී මේක හදන්න ඉස්සර කුඩුපට්ටම් කළ යුතුයි. මෙහෙම දේවල් අපට අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම මේක කළොත් ඉන්දියාව විරුද්ධ වෙනවා. ලෝකයේ අපට උදව් කරන රටවල් බොහෝමයක් ඉන්දියාව සමග සිටගන්නවා.
චීනයෙන්, ඉන්දියාවෙන් ණය අරගෙන අද අපි වැටිලා ඉන්න අසරණ තත්වය මේකයි. මේ තත්වයට රාජපක්ෂ පරපුරම සහ ඔවුන්ව රකින එවුනුත් වගකිව යුතුයි.
නුඹලාට ඕනෑමනම් එන්න සත්තුත් එක්කම මැදමුල්ලනට...
මීටත් වඩා මොනවා දෙන්නද? අනාගත පරපුර මේකෙ ඉන්නේ නැහැ. මේකෙ ඉන්නේ සිංහල බුද්ධාගමේ අය විතරයි.
චීනාගේ ඇස් දෙක බාගෙට ඇරිලා තියෙන්නේ. ඒ වුණාට. අපේ අයගේ ඇස් සම්පූර්ණයෙන් ඇරුණාට. අන්ධයෝ වගෙ වැඩ කරන්නේ... අන්ධ මනුස්සයාටත් දුර පේනවා නුවණින්. මේ නඩේගේ මොලේ තියෙන්නේ මහ බැංකුවේ. සල්ලි පස්සෙම දුවනවා. නාකි ගොබ්බ මයිනෝ දැනටමත් සකච්ඡා පවත්වනවා ඇති. චීනා දන්නවා මොවුන් රටට, ජනතාවට සේවය කරන්නේ නැහැ. මොවුන්ගේ බොක්ක පුරෝගන්න ඇවිත් ඉන්නේ කියලා. මහලොකු උගතා කවුරුත් රට බාරගන්න ඉදිරිපත් වුනේ නැහැ කියලා. බැංකු හොරා රට විකුණලා ගොබ්බයින් ටික මැරෙනකම් රජ වාසලේ ඉන්න ඇවිත් තියෙන්නේ. ගොබ්බයින් සුද්දන්ට බනිනවා රටේ සම්පත් හොරාකෑවා කියලා මේ ටික එකතුවෙලා. චීනාට රට විකුණනවා. දෙමව්පියන්ගෙන් ලැබුණු දේවල් නෙමේ. මේ රට ආදිකාලේ රජවරු සටන්කරලා බේරගත්තු රට. මේ නාකි ටික ඒ කාලේ හිටියානම්... වංගෙඩියේ දමලා කොටවනවා. සුද්දෝ ටික...
මේ වැඩේට චීනයට අවසර දෙන්න එපා. නිකම් කරදරේ වැටෙන්න එපා.
එක්කෝ ණය ගෙවන්න. නැත්නම් අපේ ඉල්ලීම් වලට ඉඩ දෙන්න... චීන රජයේ පණිවිඩයක්.
එයාලගේ රටේ දේවල් කරන්න අපෙන් අවසර ඉල්ලන්නේ ඇයි...?
කොහොමටත් දැනටම චීන්නුන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රෝනික දේවල් රහසිගතව ඒ අයගේ ලංකාවේ ඇති ඉඩම්වල සවිකරගෙන ඇති. ලංකාවේ අයට එව්වා සොයන්න චීන්නුන්ගෙන් අවසර නැහැ.
අපිට තවත් යුක්රේනය වගේ වෙන්න ඕනේ නැහැ. ඉන්දියාව කියන්නේ අපිට සමීපතම රට සහ චීනය වගේම ඉන්දියාවත් අපිට ඉන්න හිතවතුන්... මේ රටවල් දෙකේම ආරක්ෂාව, සමගිය රකින්න අපි සාධාරණව තීරණ ගතයුතුයි. චීනය මෙහෙම ඉල්ලීමක් කරන එක හරි අසාධාරණයි.
මේ අවසර දීමෙන් අපරට ආනාගතයේදී ලෝක බලවතුන්ගේ යුදපිටියක් වෙයි. මෙතමයි, අපේ රට පාලනය කළ පාලකයින් අපට ඉතිරි කළ ශේෂය මෙය වෙනස් කරමු. එය කළ හැක්කේ මාලිමාවට පමණයි...
ඉන්දියාවේ ව්‍යාප්ත වාදයට යටනොවී සිටිමට නම් චීනය සමඟ සම්බන්ධතා ඇති කරගත යුතුයි. ළඟදී ඉඳලා පිටරටවල වෙබ්සයිට්වල භාණ්ඩ මිල වැටෙන්නේ ඉන්දියානු රුපියල් වලින්... සෙවුම් ප්‍රතිඵල පවා ඉන්දියාවට මුල්තැන ලැබෙනවා. එයාර්ටෙල් ආයතනය මෙහෙ මුල් බැසගන්න දඟලන දැඟලිල්ල ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. ඉන්දියන් එකෙක් වෙන රටකට ගියොත් තව 10ක් ගෙන්න ගන්නවා. ඒ 10, 100ක් ගෙන්න ගන්නවා. මැදපෙරදිග ගිහින් බලන්න. මෙලෝ රහක් නැති ජාතියක්...
මගේ මතය නම් මේ කාරණාව බොරු ආරංචියක් නොවී සත්‍ය කරුණක් නම් (මොකද මේ දවස් වල මැතිවරණය කල් දාපු ගැටලුව මිනිස්සුන්ට අමතක කරන්න විවිධ මාතෘකා මේ අය මවලා එලියට දාන නිසා) ආණ්ඩු පක්ෂයේ හෙන්චයියලා ඊළඟට මේක හරිම හොඳ සුපිරි වාසි සහගත වැඩක් කියාලා තලු මරමර වොයිස් කට් දෙවි. ඔවුන්ට ඒ වගේ දේවල් පුහුණු කරන්න උපදේශකයෝත් ඉන්නවා. මතකයිනේ, ඒ අය අර ප්‍රතිත්‍රස්ත පනත රහට වර්ණනා කරන හැටි... මෙහෙම දෙයක් හැබෑවටම ඉදිරියේදී වෙනවා නම් කාරණාව පිළිබඳව ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර වෙන්නේ කුමක්ද කියන දේ රටේ මිනිස්සුන්ට දැනගැනීමට සැලැස්විය යුතුබවයි. නැතුව අර පොහොට්ටු පක්ෂයේ කාලකන්නි කියන ඒවා නම් තඹ දොයිතුවකටවත් විශ්වාස කරන්න එපා.
අපි චීනයත් සමග නැගී සිටිමු !
කන්න බොන්න, අඳින්න පළඳින්න... මේ හැම දෙයක්ම අපිට ලැබෙන චීනයට අපි උදව් කරමු...
ඉස්සර ඇමෙරිකාවට ගොට්ට අල්ලලා යන එන මං නැතිවෙලා ඉන්න අපි, අද චීනයත් සමග නැගී සිටිමු...
දූෂිත රාජපක්ෂලා හිටියා නම් දීලා දානවා.. පවුල් පාලනේ අය හිතාගෙන ඉන්නේ අපේ රට ඔවුන්ගේ බූදලේ කියලානේ...!
කකුල් දෙකේ දාගෙන ඉන්න සෙරෙප්පු දෙකේ ඉඳන් ඔලුවේ දාගෙන ඉන්න තොප්පියට යනකම් " Made in China " ඔය කරේ තියාගෙන ඉන්න ජංගම දුරකථනයත්, චීනයෙන් ආපු එකක් ! තවත් මොන කතාද?
මෙහි දැක්වෙන අදහස් කියවන මට පෙනෙන්නෙ තවමත් රටට ආදරය කරන සැලකිය යුතු ජනතාවක් ඉන්න බවයි... එය සතුටට කරුණකි. එසේම මෙය සිදුනොවන්නක් බව පැහැදිලියි.
ගත්තු ණය ගෙවාගන්න බැරි වුණාම, අමුඩේ ඉල්ලුවත් දෙන්න වෙනවා...
මෙතන ගොඩාක් චිනෙට පක්ෂපාත කොමෙන්ට්ස් කරල තියෙන්නේ චීන්නු. චීන්නු සිංහල ඉගෙන ගන්නෙ අපේ මොල හෝදන්න. අපි අහුවෙලා ඉන්න තරමක්!
චීන්නු, ලංකාවේ මුළු දකුණම යටත් කරගෙන "හෙළ යක්ඛ පුතුන්ගේ" පශ්චාත් භාගයේ නැට්ටක් එල්ලන දවස වැඩි ඈතක නැහැ. අනික චීනා දන්නවා මේ උපන්ගෙයි මෝඩයින්ට සලකන්න ඕනා විදිහ.. ඉන්දියාව උතුර සංවර්ධනය කළාම හෙළ අම්බරු රැලට ඒ පැත්තේ රස්සාවකුත් හොයා ගන්න අපහසු වෙන එකක් නැහැ. අර පහුගිය කාලේ දේශප්‍රේමී උණ හැදිලා හිටපු අයට දැන් සනීපද?