
(ප්‍රියාණි මංගලිකා )
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කුඩා ලොරි රථයක ඉතා හිංසාකාරී ලෙස එළුවන් 56 ක් ප්‍රවාහනය කරමින් සිටියදී රඹපොකුණ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
මෙලෙස හිංසාකාරී ලෙස , මෙම එළුවන් උත්සව සමයේ මස්. සඳහා ගල්ගමුව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිට ඇති අතර බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නිකවැරටිය හරහා යමින් සිටියදී ,ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගැණීම සිදු කල බවද පොලීසිය පවසයි .
අත්අඩංගුවට ගනු ලැබූ සිද්ධියට අදාල සැකකරුවන් දෙදෙනා කටුපොත ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකු බවද පොලීසිය සඳහන් කරයි .
දහවල් කාලයේ අත්අඩංගුවට ගැණීම සිදු කරණ අවස්ථාවේ ලොරි රථය තුල සතුන් මහත් වෙහෙසට පත්ව සිටි බවද ,ලොරි රථය තුලම තට්ටුවක් ලෙස සකසා ඒ මතද එඵවන් නංවා සිටි බවද , සැකකරුවන් දෙදෙනා , එළුවන් තොගය, සහ ලොරි රථය නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරණ.බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය . ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු ඔවුන්ගේ ප්‍රීතිය වෙනුවෙන් අනුන්ගේ ප්‍රාණය නැති කරනවා... බුදුහාමුදුරුවෝ දේශනා කළේ සෑම සතෙකුම මරණයට බියෙන් ඉන්නවා කියලා... එනිසා තමයි උපමාවට ගෙන සතුන්ට පමණක් නොවෙයි සැමටම හිරිහැර නොකරන්න කියලා තමයි උන්වහන්සේ දේශනාකළේ. එහෙම තියෙද්දී තමන්ගේ බඩ වඩාගන්න සතුන් කළ වරද මොකක්ද? දැන් ඒ සතුන් පුනරුත්පත්තිය මිනිස් ආත්මයක් ලැබී සතුන් මරණ පිරිස් හා මස්කෑමට ලොල්ව හොරහරක් මැරීම කරන අයට උපරිමයෙන් රැකවරණය දෙන අයත් ඊළඟ ආත්මයක සතුන් වෙලා මැරෙන්න වුණත් කොහොමද කියලා හිතනවා නම් කොපමණ හොඳයිද?