
(සුමිත් පොතුපිටිය)
බිග් මැච් එකට ගාලුපාරේ ධජ එල්ලීමට ගොස් සිටී තරුණයකු අඩි 50 ක් පමණ උසැති කොඩි කනුවක් ශරීරය මතට වැටී බරපතළ තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය ජාතික පාසල අතර ලබන 21 සහ 22 යන දෙදින තුල පැවැත්වෙන මැංගුස් සටන වෙනුවෙන් කළුතර විද්‍යාලය ඉදිරිපිට විදුහල් ධජය අඩි 50 ක් පමණ ඉහළට දැමීමට ගිය සිසුවෙකු මෙසේ රෝහල් ගතකර ඇතැයි පොලිසිය කීය.
සිසුන් සියයකට අධික පිරිසක් එක්ව සිට ඇති බවත්, අඩි 50 ක් පමණ උසැති කනුවේ කළුතර විදුහලේ ධජය ගාලුපාරට සහ දුම්රිය මාර්ගයට දර්ශණය වන අයුරින් එසවීමට යාමේදී සමබර තාවය මිදීගොස් ගාලුපාර හරහා වැටී ඇතැයි සදහන් වේ.
කොඩි කනුව බිම පතිතවීමේදී පාර මැද සිටී සිසුවාගේ ශරීරය මතට වැටී ඇතැයි පොලිසිය පවසයි.
දකුණ කකුලේ දණහිසෙන් පහළ කොටසට දැඩි ලෙස හානි සිදුව වම් අතට සුළු තුවාල සිදුව ඇති බවත් රෝහල් ප්‍රකාශකයක් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බිග් මැච් කරන හානියක් ළමයන්ට. ළමයි මේවගේ අනතුරුදායක දේවල් කරනතුරු ගුරුවරු බලාගෙන ඉන්නවාද? ළමයි පාසලට පැමිණි පසු ඒ අයගේ ආරක්ෂාව ගුරුවරුන්ට බාරයි...
ඉස්කෝලෙ ගිහින් ළමයින් තමන් කැමැති දේවල් කරලා ගෙදර එනවා. බලන්න කවුරුවත් නැහැ. මීට පස්සේ ළමයින් ඉස්කෝලේ ගියාම දෙමව්පියන්ටත් ඉස්කෝලේ යන්න වෙන කාලයක් ඒවි. විදුහල්පති, වගකිව යුතු ගුරුවරු නිදි...
ගුරුවරුන්ට විතරක් දොස් දැකීම වැරැදියි. ළමයින්ගේ අම්මලා, තාත්තලාත් තමන්ගේ දරුවන්ගේ කටයුතු ගැන සොයාබැලිය යුතුයි...!
ඇත්තටම බිග් මැච් ඉස්සර තිබ්බේ කොළඹ, මහනුවර, ගාල්ල ප්‍රධාන පාසල්වල දැන් මේක වසංගතයක් වගේ හතර වටේ දුවලා... තමන්ට නැති දෙයක් පෙන්වන්න හදනවා.
දුවලා විතරක් නෙමෙයි, ගොඩක් අනතුරු දේවල් කරන්නේ පුතාලා...
මේ කමෙන්ට් ලියන හැමෝම වැඩිහිටියන් හැටියට ඉපදුණු අය වෙන්න ඇති. මමත් ඔය වයසේදී ඔය දේවල් කළා. වාසනාවකට මේ වගේ අනතුරක් කරගත්තේ නැහැ. මේ දේවල් දෙමව්පියන්ගේ වරදවත්, ගුරුවරුන්ගේ වරදවත් නොවෙයි. වයසේ වැරැද්ද. ඒ කොල්ලාට ඉක්මන් සුවය පතනවා....