(ටී.කේ.ජී.කපිල )
පැය 15 කට ආසන්න කාළයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින උදෑසන ගොඩ බස්වා තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඊයේ (07) දින සවස 06.25 ටය . එහෙත් මෙම ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ අද (08) උදෑසන 09.30 ටය .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ .
ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණි .
මෙම ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව (Windscreen Crack ) ඉරිතැලීමකට ලක් වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
එනිසා තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා , තම ගුවන් යානය ආපසු හරවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට තිබේ .
මෙම ගුවන් ගමන වෙනත් ගුවන් යානයක් යොදවා අද (08) සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වුණාට පස්සේ ආපහු හරවලා එව්වා ද දන්නේ නෑ. දන්නවානේ අපේ අයියලාගේ වැඩ...?
ශ්‍රී ලංකන්ස්වලට තියෙන්නේ පරණ අහක දමපු ගුවන් යානා... නමුත් එහි සේවය කරන අය නම් හරිම ආඩම්බරයි...
ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ගමන් කිරීම අවදානම් සහිත බව අපි දනිමු. අලුත්වාඩියාව, නඩත්තු ගැන විශ්වාස තියන්න අමාරුයි. මේ කාරණාව සම්බන්ධයෙන් විදේශ රටවල රැකියා කරන ශ්‍රී ලාංකිකයන් දෙවරක් සිතා බැලිය යුතුයි. මුදල් ගැන පමණක්ම නොසිතා තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ගේ දූ දරුවන් ගැන, තමන්ගේ දෙමව්පියන් ගැන තමන්ගෙන් යැපෙන්නන් ගැන සිතන්න. ඒ නිසාම UAE සිටින අපි සියලු දෙනාම Etihad airways එකේ යාමට තීරණය කර අවසන්...
මට තියෙන ප්‍රශ්නය ඇයි ඉන්දියාවේ ලෑන්ඩ් නොකර පැයකින් ලංකාවට ආවේ...?
කොහොම වුණත් හොඳ තීරණයක්. පොඩි වැරැද්දක්වත් තියාගෙන මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ නොදමා ගනිපු හොඳ තීරණයක්.. ප්‍රමාද වූවන්ට ප්‍රශ්නයක් නෑ. සේරටම ඉස්සෙල්ලා ජීවත්වෙලා ඉන්න ඕනේ...
ශ්‍රී ලංකන් එයාර් ලයින් එක විකුණන එකමයි හොඳ. මේ ආයතනය විනාශ කිරීමට ප්‍රධානම කරුණ වූයේ රාජපක්ෂවරුන්. emirates air සමාගම ශ්‍රී ලන්කන් පාලනය කරන සමයේ රාජපක්ෂවරුන්ගේ සමහර අකටයුතුකම් නිසා ඔවුන් සමග ඇති කරගත්තා වූ විරෝධතාවයන් නිසා එම කොන්ත්‍රාත්තුව අවලංගු කරන ලදී. අද ලෝකයේ අංක එකේ ගුවන් සමාගමක් වන emirates, ශ්‍රී ලංකන් එයා සමග සම්බන්ධ වී වැඩ කළා නම් ලොව ප්‍රමුඛතම ගුවන් සමාගමක් බවට පත්වීමට ඉඩ තිබුණා.
මේක දැම්මම විකුණලා දමන්න. එහෙම නොමැති නම් වස දමන්න. අසරණ මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා...
මහ විනාශයක් වෙලා ජීවිත සියගණනක් නැතිවෙන්න කළින් මේක වහලා දමන්න. නැතිනම් හරියට කරන්න පුළුවන් සමාගමකට මේකෙ පාලනේ බාරදෙන්න. එහෙමත් බැරිනම් විකුණලා දමන්න. මම සති දෙකකට කළින් දෝහා ඉඳලා ලංකාවට ආවේ ශ්‍රී ලංකන් එකක... මගීන්ගේ පහසුකම් සහ ඔවුන්ට සපයන සේවාව නම් අන්තිමයි..