(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එම අවාසනාවන්ත සිදුවීමට අදාල නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බවද පාස්කු දිනය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් එකක් වෙනකන් ඔහොම කියවාවි. අර පලාගිය කෙනා කට ඇරියොත් කිව්වේ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇතැයි කියලා. අන්තිමට පස්ස දොරෙන් පැනලා යන්න වුණා... ඇඳිවත පමණක් ඇතුව, සල්ලිත් දාලයි දිව්වේ...
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අයට අපෙන් කරදරයකුත් නෑ නේද සර්? ඒ ටිකත් නොකිය ඉන්නත් එපා...
මේ ගැන කියන්න මොකද පාස්කු වෙනකන්ම හිටියේ? මෙවන් වදන් කියන්නේ ජනතාවගේ අවධානය වෙන පැත්තකට හරවන්නේ මේ දිනවල කතාවෙන්නේ ත්‍රස්ත මර්දන පනත විවේචනයට ලක්වීම නවත්වන්න කරන්න කපටි කමක්...
ඒ කොහොමද ඉඩක් නැත්තේ? මෙයත් ඔන්න පාස්කු ප්‍රහාරය විකුණගෙන කන්න හදනවා. මහින්දගෙන්ද පාඩම ඉගෙන ගත්තේ...?
එදිනෙදා සිදුවන මිනීමැරුම් මංකොල්ලකෑම් පාලනය කරගන්න බැරි කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ? පුරසාරම් කෙළිමින් කාලය කා දමනවා !
දැන් ඔය දේවල් කිව්වා කියලා වැඩක් නැහැ. තමුන් අගමැති කාලේ ඔය සිද්ධිය වෙන බව දැනගෙන හිටියත් මොනවාද කෙරුවේ?
හොඳයි, සැමදා එසේ වේවා..!
ඔව් ඔව් ඔව්... මීට පස්සේ වෙන්න තියෙන ඉඩ අඩුයි තමයි. මොකද දැන් මිනිස්සු දන්නවනේ ඔය අපේ රටේ දේශපාලුවන්ගෙන් තමන්ට කිසිම ආරක්ෂාවක් නොලැබෙන නිසා තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත්තාම ප්‍රශ්නයක් නැහැ කියලා.
ඔයා නම් හරිම පවු...!
මළ හත්තිලව්වයි. පාස්කු ප්‍රහාරය සැලසුම් වන කාලේ අගමැති වෙලා හිටියේ වෙන රනිල් කෙනෙක්ද? කයි නම් නහුතෙට...
ආයි කරන්නේ නෑ කියලා පොඩි ළමයෙක් වගේ අඬන්න එපා මිස්ට ප්‍රසිඩන්ට්. කරපු පාස්කු ප්‍රහාරයට දඬුවම් විඳින්න...
අනේ තොත්ත බබා.. පාස්කු ප්‍රහාරය වෙලාවේ මාධ්‍ය සාකච්ඡා හිනාවෙවී කරපු විදිහ හැමෝටම මතකයි. පොහොට්ටුවේ බයියන්ට නම් අමතක වෙලා ඇති.
එහෙනම් කුරානය අමුතුවෙන් ලියන්න ඕනේ...!
කාදිනල්තුමා කැමති වුණොත් පුළුවන්. අකැමැති වුනොත් මොකද කරන්නේ...?