
(ටී.කේ.ජී.කපිල)
කටුනායක අවට පවතින දැඩි වර්ෂාව නිසා ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීමට ඉඩ ඇතැයි කටුනායක ගුවන්තොටුපොළ පවසයි.
ඩුබායි බලා පිටත්ව යාමට ගුවන් යානයක් පැය 15 ක ට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබේ.
ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙතඅද අලුයම 04.45 ට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 12 කට ආසන්න කාළයක් ප්‍රමාද වී තිබේ.
එසේම ජපානයේ නරීටා බලා කටුනායක ගුවන් තොටුපළෙන් යාමට නියමිතව ගුවන් යානය ද ප්‍රමාද වී පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයද අවලංගු කර තිබේ. මුම්බායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය ද අවලංගු කර තිබේ.
මීට අමතරව චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ ගොඩ බැස්සවීමට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් යානය , මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට තිබූ අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා මාලදිවයින මාලේ ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.
මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ අවට පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය එයට හේතු වී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි යන ගුවන් යානය ප්‍රමාද වුණේ කාලගුණය නිසා නොවෙයි, එහි වින්ඩ්ස්ක්‍රීන් එකේ පිපිරීමකට ලක්ව තිබුණු නිසා. ශ්‍රී ලංකන්ස් එයාර්ලයින්ස් ඉතාමත්ම සැප පහසුවෙන් අඩු ගුවන් යානයක්.