
(සුමිත් පොතුපිටිය)
සමුද්‍රදේවී දුම්රිය අද උදෑසන කළුතර උතුර ප්‍රදේශයේදී එන්ජිම දුම්රිය මැදිරිවලින් ගැලවී ගොස් ඇති බව කළුතර දුම්රිය බළධාරියෙක් සදහන් කලේය.
කළුතර උතුර නාගස්හන්දිය ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් ගැලවී කිලෝමීටරයකට ආසන්න දුරක් ධාවනයවී නතර කර ඇතැයි සදහන් වේ.
එන්ජිම නැවත පසුපසට ගෙන එක්සල් කොට විනාඩි 15 ක පමණ කාලයක් ප්‍රමාදවී නැවත මරදාන බලා ධාවනයවූ බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කඳුකර ප්‍රෙද්ශයකදී වුණා නම් වෙන්නේ මහ විනාශයක්...
තවතවත් වර්ජනය කරපල්ලා. වැඩ කරන්න ඕන නෑ. පඩි දීමනා විතරක්ම ගනිල්ලා... මේ සේවා සියල්ල පෞද්ගලික අංශයට දිය යුතුයි.
අධික පඩි ලබන ඉතාමත් සුළුදෙයටත් වර්ජනය කරන, තමාගෙන් පසුව සේවයට තම දරුවන් ඇතුළත් කිරීමට අයිතීන් හදාගෙන සිටින, අනවධානයෙන් හෝ බීලා දුම්රිය එලවලා අලි හප්පා මරණ දුම්රිය සේවකයන්ට සමුද්‍රදේවිගේ පෙට්ටියවත් රැකගන්න බැරිවුණා.
අමුණලා තියෙන්නේ පුත්තලමට, ප්‍රසිද්ධ අයගෙන් කෙනෙක්...!
මෙ ක්‍රමය රට පුරාම ව්‍යප්ත කලොත් සියලුම ඩුම්රියන් ඒන්ජින් නැතිව දුවවන්න බැරිඩ? ඉන්දන විශාල ප්‍රමනයක් ඉතිරි කර ගත හැකියි.
මම දුම්රිය සේවකයෙක් නෙමෙයි. මම දන්නා දේ කියන්නම් කඳුකර ප්‍රදේශවලට මෙම දුම්රිය යොදාගන්නේ නෑ. මේ බ්‍රේක් ප්‍රශ්නයත් එක හේතුවක්. නැත්නං එන්ජින් මැදිරිවලින් ගැලවුණොත් ඔටෝ බ්‍රේක් වෙනවා මැදිරි ටික. අනවධානයෙන් අලි හප්පනවා කියන එකත් බොරු කතාවක්... නැගෙනහිර මාර්ගයත් කඳු පල්ලම් සහිත මාර්ගයක්. දුම්රිය යනු කඳු නැගීමට හැකි වාහනයක් නෙමෙයි. එමනිසා කඳු තරණයට වේගයක් ලබාගත යුතුයි. අලුත් දුම්රියක් නම් උපරිම වේගෙන් ගිහින් හදිසි නැවැත්වීමටත් අඩි 600ක් වත් ඕනෑවෙනවා. උඩරට මාර්ගයේ පවර් සෙට් එකක් නම් ඉදිරිපස හා පිටුපස එන්ජින් දෙකක් තියෙන්නේ මේ නිසා. බදුල්ල තැපැල් දුම්රියට පයිලට් සහ බෑන්කින් එන්ජින් යොදාගන්නේත් මේ මාර්ගයේ ආනත බව දරා ගන්න. රාත්‍රී 1-2 අතර මේ දේවල් සිද්දවෙනකොට දුම්රියේ මිනිස්සු සැප නින්දේ. ඉතින් මිනිස්සු මේවා අහලාවත් නෑ.. මේවාවල භාවිතා වන ඔටෝ කප්ලින් අධික ගැස්සීම නිසාත් මෙහෙම වෙනවා.