IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කල්එළිය හෙල්ලූ දොඹකර අනතුර

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පස්යාල මීරිගම මාර්ගයේ කල්එළිය නගරයේදී ජංගම දොඹකර ප්‍රවාහන රථයක් නවතා තිබූ වාහන දහයක ගැටී පාරෙන් ඉවතට පැන තාප්පයක් හා ගේට්ටුවක්ද කඩාගෙන නිවසක ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි. අනතුරින් සිවු දෙනකුට තුවාල සිදුව ඇති අතර අනතුර සිදු වෙද්දී නගරයේ සිටි ජනතාව හිස් ලූ ලූ අත දිව ගොස් දිවි බේරාගෙන ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.

පස්යාල දෙස සිට මීරිගම දෙසට ගමන් කළ ජංගම දොඹකර ප්‍රවාහන රථය ජනාකීර්ණ කල්එළිය නගරයේ ඉතා වේගයෙන් පාර පුරා ගමන් කරමින් මග දෙපස නවතා තිබූ ත්‍රීරෝද රථ අටක මෝටර් රථයක හා යතුරු පැදියක ගැටී ඒවා තල්ලු කරගෙන ඉදිරියට ඇදී ගොස් ඇති අතර මීටර් 200 ක පමණ දුරක් මෙසේ වාහන අනතුරට පත් කරමින් ගමන් කළ රථය පාරේ දකුනු පස පිහිටි නිවසක තාප්පය ගේට්ටුව කඩාගෙන නිවසට හේත්තුවී නතර වි තිබිණි.

මෙහි ගැටුනු ත්‍රීරෝද රථ බොහොමයක්ම පොඩි පට්ටම්වී විනාශවී ඇති බව දැකිය හැකිවිය.එක් ත්‍රීරෝදයක සිටි ලමයකු හා තවත් පුද්ගලයකු මෙම සිදුවීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය සදහන් කළේය. අනතුරට ලක්වූ ත්‍රීරෝද රියක් විසිවී ගොස් වෙළෙදසැලක ගැටීමෙන් එයටද හානි සිදුවී තිබිනි.

තිරිංග අක්‍රියවීම නිසා රථය තමන්ට පාලනය කර ගත නොහැකිවූ බවට රියදුරා කරන ප්‍රකාශය සත්‍යදැයි අනාවරණය කර ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

කල්එළිය හෙල්ලූ දොඹකර අනතුර

Jcn Sunday, 09 April 2023 12:15 PM

බ්‍රේක් වැඩ නොකලා වෙන්න පුළුවන්... නැත්නම් වාහන දහයකත් හැපිලා තාප්පයක් කඩාගෙන යනකන් රියදුරා කැරම් ගැහුවා වෙන්න බෑනේ...

:       8       18

අබිලින් Monday, 10 April 2023 05:44 AM

ඔහොම බරපතල වැඩක් කරනවිට වාහනය හොඳින්ම තියෙනවද කියලා ගමන යන්න පෙර බලන්න ඕනෑ නේද? කොහොම වුණත් මම කියන්නේ රියදුරු වැරැදියි කියලා තමයි...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site