IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලි පැටවු දුම්රිය පිළි පන්නයි

(යොහාන් භාසුර සහ ක.ග.කරුණාරත්න)

ත‍්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය කළ රාත‍්‍රි තැපැල් දුම්රියට  හබරණ හතරැස් කොටුව ප‍්‍රදේශයේදී වල්අලි දෙදෙනකු හැපී දුම්රිය පිළි පැනීමකට ලක්ව ඇති අතර දුම්රියේ ගැටුණු අලි දෙදෙනකු මියගොස් ඇතැයි හබරණ පොලීසිය කියයි.

හුරුලූ පාරිසරික වනෝද්‍යානයේ සිට ආ වල්අලින් මෙසේ දුම්රියේ ගැටී ඇතැයි  වනජීවී නිලධාරීහු පැවැසූහ.

දුම්රිය පීලි පැනීමකට ලක්වූවත් මගීන් කිසිවකුටත් හානි සිදුව නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

 

 



අදහස් (5)

අලි පැටවු දුම්රිය පිළි පන්නයි

පිටිගල මිලානෝ Sunday, 09 April 2023 12:17 PM

අලින්ගේ දර්ශණය හිත කම්පා කරවනවා. අලින්ගේ ආරක්ෂාවට සාර්ථක පිළියමක් යොදනකල් කෝච්චි ධාවනය නතර කරන්න. තවත් අසරණ අලි ඝාතනය නොකර…

:       22       19

පිටිගල මිලානෝ Sunday, 09 April 2023 12:25 PM

අනවධානයෙන් දුම්රිය පැදවූ රියදුරාව අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දී පන්නා දමන්න...

:       32       22

SenakaSunday, 09 April 2023 02:44 PM

ඔබතුමා මහදැනමුත්තාගේ පුනරුත්පත්තිය දැයි සැකයක් අපට මතුවෙමින් පවතී. දැක්ක ගමන් කෝච්චියේ බ්‍රේක් ගහන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මහා වීරයෙක් ඔබතුමා.

:       9       1

පිටිගල මිලානෝSunday, 09 April 2023 05:31 PM

මෝඩයෝ…. අලි ඉන්න සීමාවේ හදිසියෙන් නවතා ගැනීමට හැකි වේග සීමාවන් යොදා ඇති බව පොතපත කියවන ඔබ නොදන්නවා වුණාට අපි නම් දන්නවා. මෙය නොසැලකිලිමත්ව ධාවනය කිරීමක්...

:       1       15

සමන් - ඕමානයSunday, 09 April 2023 07:00 PM

පිටිගල මිලානෝගේ අදහස සම්පූර්ණ ඇත්තක්. අලි ගැවසෙන ඔය ප්‍රදේශයේ දුම්රිය ධාවනයට වේගසීමා යොදා තිබෙනවා. නමුත්, දුම්රිය රියදුරන් එය නොතකා අධික වේගයෙන් ධාවනය කරනවා. මින් පෙරද අලින් කොපමණ සංඛ්‍යාවක් දුම්රියේ හැපී විනාශ වී ඇත්ද? දුම්රිය වලට GPS, උපකරණ යොදා, ධාවනය කරන වේගය නිරීක්ෂණය කිරීම හා රෙකෝඩ් කිරීම පහසුවෙන්, අඩු වියදමකින් කළ හැකියි. එසේ කළහොත්, රියදුරන් හට දඬුවම් කිරීමට පැහැදිලි සාක්ෂි ලැබෙනවා. කීප දෙනෙකුට දඬුවම් කළවිට, සියලු රියදුරන් වේග සීමා පවත්වා ගනීවි. මීට අමතරව, දුම්රියක් එනවිට ශබ්ද වීමට, සයිරන් නලා දුම්රිය පාරේ අවශ්‍ය දුර ප්‍රමාණයෙන් සවිකිරීම නූතන තාක්ෂණය අනුව පහසු දෙයක්... අලින්ගේ කනට හුරු සංඛ්‍යාතයකින් සයිරන් ශබ්දය නිකුත් කළ හැකියි. දුම්රිය දෙපාර්තමේන්තුව සත්ව විද්‍යාඥයින්ගේ සහාය ලබාගෙන මෙය ක්‍රියාත්මක කළහැකියි.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site