
(සමන් පාලිත නානායක්කාර)
ඉදල්ගස්හන්නේ වතු මුරකරුවකු ජිවිත අවදානම නොතකා ක්ෂණිකව ක්‍රියාත්මක වීම නිසා සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් ඊයේ රාත්‍රී 8.00 පමණ වළක්වා ගැනීමට හැකි වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
හපුතලේ - ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අවහිර වී ඇතර ඒ සමග කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියද ඉදිරියට ධාවනය වී ඇත.
තම ජීවිතය ගැන නොතකා වතු මුරකරු විදුලි පන්දමක් ද රැගෙන දුම්රිය මාර්ගයට ඉදිරියෙන් අනතුරක් ඇති බවට සංඥා කිරීම හේතුවෙන් දුම්රිය නවතා ගැනීමට හැකි වූ බව ද දුම්රිය රියැදුරා පැවැසීය.
මෙම අනතුරක් වලක්වා ගැනීමට සහය වී ඇත්තේ වතු මුරකරුවකු වන එච් .එම්. විජේරත්න මහතෙය.
යුද හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවෙි නිලධාරියෙක් පැවසීය. රාත්‍රී කොළඹ බලා යන තැපැල් දුම්රිය ද පැය කිහිපයක් මේ නිසා ප්‍රමාද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මානවවාදී භූමි පුත්‍රයෙක්. ඇයි මෙවැන්නන් දේශපාලනයේ නැත්තේ...?
තම ජීවිතයටත් වඩා යුතුකම අගය කරන මෙවන් උතුම් මිනිසුන් රටට වාසනාවක්...
මෙවැනි විරුවන් අගයා රජයෙන් සම්මානයක් සමග යම් තෑග්ගක් දෙන ක්‍රමයක් තියෙන්න ඕනෑ...
මේ මනුස්සයාට ජීවිත කාලයටම බලපාන දිවයිනටම වලංගු දුම්රිය වොරන්ට් එකක් දෙන්න...