පාසල් සිසුවකු අපයෝජය කළැයි විදුහල්පති රිමාන්ඩ් රත්නපුර නගරයේ ප්රමුඛ පෙළේ බාලක පාසලක සිසුවකු අපයෝජනය ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විදුහල්පතිවරයා 23 දින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. 23 August 2022
සුපිරි ඩීසල් - ගුවන්යානා ඉන්ධන ටොන් 40,000 ක් නිදහස් කරගනී සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් 30,000 ක් සහ ගුවන්යානා ඉන්ධන මෙටි්රක්ටොන් 10,000ක් ඇතුළත් නෞකාවකට මුදල් ගෙවූ බවත් එම ඉන්ධන ගොඩබෑම ඊයේ (22) ආරම්භ කරන බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (23) පස්වරුවේ පැවසීය. 23 August 2022
කොවිඩ් මරණ තවත් 4 ක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය. 23 August 2022
තරුණයකුට සුද්දයක් දැමූ පොලිසියේ සිවුදෙනාගේ වැඩ තහනම් කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේදී ඉකුත් 21 දා පුද්ගලයකුගේ රන්මාලයක් සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් වංචනික ලෙස සොරාගත් මාලබේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු ඇතුළු නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ අංක 2 පොලිස් කොට්ඨාශය පවසයි . 23 August 2022
බේරේ වැවට පිරිසක් තල්ලුකළැයි කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් හඳුනාගැනීමේ පෙරට්ටුවකට කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමෙන් පසු ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් බේරේ වැවට පිරිසක් තල්ලුකළැයි විශේෂ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත් කාන්තාවක සහ පුරුෂයකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) නියෝග කළේය. 23 August 2022
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්රජාතන්ත්රවාදී නොවන අයුරින් භාවිත කරලා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්රජාතන්ත්රවාදී නොවන අයුරින් භාවිත කර ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි. 23 August 2022
අතුරු අයවැයට මුදල් කාරක සභාවේ අනුමැතිය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පතට ( අතුරු අයවැයට) මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ඊයේ (23) හිමිවිය. 23 August 2022
මහ කන්නයේ සිට බණ්ඩි පොහොරත් දෙයි එළඹෙන මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොර වලට අමතරව බණ්ඩි පොහොර( මියුරේට් ඔෆ් පොටෑෂ්) ලබා දීම සඳහා ඩොලර් මිලියන 25ක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟතාවය පළකර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 23 August 2022
සිසුවාගේ සපත්තුවෙන් නයි පැටවෙක් එළියට කොළඹ ආනන්ද විද්‍යාලයේ. දහතුන් හැවිරිදි ශිෂ්‍යයකු පැළඳ සිටි සපත්තුවක් ඇතුළත කුඩා නයි පැටවකු සිට හමුවීමේ සිද්ධියක් වාර්තා වෙයි. 23 August 2022
22ට එරෙහි විභාගය අවසන්:තීන්දුව කතානායකට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කොට තිබූ පෙත්සම් නවයේ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබදව තීන්දුව ඉදිරියේදී කතානායකවරයාට යොමු කරන බව අද ප්‍රකාශ කළේය. 23 August 2022
කොටුවේ බිත්තර කඩ පාළුවට:මිලත් පහළට බිත්තර අලෙවියට පාලන මිල පැනවීමත් සමඟ කොළඹ කොටුව බිත්තර තොග වෙළෙදපොලට පාරිභෝගිකයන් නොපැමිණීම නිසා පාළුවට ගොස් තිබූ අතර බිත්තර මිල ද පාලන මිලට අලෙවි කරන අයුරු දක්නට ලැබිණි. 23 August 2022
පොලිසියට ගජමුතු විකුණන්න ගිහින් අමාරුවේ වැටේ ගජමුතු දෙකක් රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සැරසුණු සිව් දෙනකු මහනුවර නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 August 2022
ආර්නිමේනියාව ලංකාවට සහෝදර දෑත දිගු කරයි ආර්මේනියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරටේම ජනතාවගේ ප්‍රයෝජනය සදහා තවදුරත් ශක්තිමත් කර ගැනීමට කැපවන බව ආර්මේනියා ජනාධිපති වහග්න් ඛචතුරියන් මහතා (Vahagn Khachaturyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කර ඇත. 23 August 2022
හෙට ලයිට් කපන්නේ මෙහෙමයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (24) දිනයේ ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (23) පස්වරුවේ පැවසීය. 23 August 2022
ත්‍රස්ත පනතට අලුත් මුහුණක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂණ පනත නමින් නව පනතක් ගෙනඒමට රජය කටයුතු කරගෙන යන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2022
රනිල්, සොර මුලට වැටුණ ගිරවා වගේ රනිල් වික්‍රමසිංහට ජනාධිපතිට අද සිදුවී තිබෙන්නේ ජාතක කතාවෙි හොරු රැළ ලඟට වැටුණු ගිරවාට සිදු වූ දේ යැයි සමඟි ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. 23 August 2022
කොවිඩ් එන්නත් දත්ත පද්ධතියේ ‘හිලක්’ සෞඛ්‍ය අමාත්‍යංශය සහ කොවිඩ් මර්දන කාර්ය සාධන බලකාය එක්ව ක්‍රියාත්මක කළ කොවිඩ් මර්දන එන්නත් වැඩසටහන හරහා එන්නත් ලබාගත් ජනතාවගේ එන්නත් වාර්තාව එම වැඩසටහනේ දත්ත පද්ධතියට නිසිපරිදි ඇතුළත්කර නොතිබීමෙන් මේ වන විට ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබේ. 23 August 2022
වසන්ත මුදලිගේ ඇතුළු පිරිස ඉන්න තැන කියයි ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිසිය දින 90 ක රැඳවුම් නියෝග ලබා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම, හෂාන් ගුණතිලක යන ක්‍රියාකාරීන් තිදෙනා ත්‍රස්තවාදී මර්දන හා විමර්ශන කොට්ඨාසය බාරේ තංගල්ල රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 23 August 2022
ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයෝ විදුලි වැටේ බැටරියට විදිති වල් අලින් ගම්වැදීම වැළැක්වීමට ඉදිකර ඇති විදුලි වැටක සවිකර තිබූ ලක්ෂ හතරක් පමණ වටිනා එනජයිසරයක් (විදුලි ධාරාව අඩු කර, කඩින් කඩ ලැබීම සලස්වන යන්ත්‍රයක්) සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් දෙදෙනකු හා ගොවියකු අත්අඩංගුවට ගත් බව විලච්චිය පොලිසිය පවසයි. 23 August 2022
වාහන නොවන ඉන්ධන බලපත්‍රයක් වාහන නොවන ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචි කිරීම සහ සංචාරක ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මස පළමු සතියේ ආරම්භ කරන බවත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන කෝටාව සඳහා විශේෂ කාණ්ඩයක් හඳුන්වා දෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 23 August 2022
මැටරඹ කපුවාට එරෙහිව විරෝධයක් ළමා අපයොජන කිරිම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින උණවටුන මැටරඹ දේවාලයේ බටගොඩගේ කිර්ති කුමාර කපුවාට දඬුවම් ඉල්ලා සර්ව ආගමික නායකයෝ සහ සමාජ ක්රයාකාරීහු ගාල්ල අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වූහ. 23 August 2022
පාසල් සිසුන්ට චීනයෙන් රෙදි මෙරට පාසල් සිසුන්ට 2023 වසර සඳහා අවශ්‍ය නිල ඇඳුම් රෙදිවලින් කොටසක් ප්‍රදානයක් වශයෙන් ලබාදීමට චීන රජය එකඟ වී ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2022
ලබන වසරේදී නව බලාපොරොත්තු සහිත අයවැයක් ලබන වසර වෙනුවෙන් වෙනස්කම් හා නව බලාපොරොත්තු සහිත අයවැයක් ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2022
රට කජු ඕසෙට කන්න ලැබෙන ළකුණු රටකජු වලින් ලංකාව ස්වයංපෝෂිත වී ඇති අතර ’’ජම්බෝ පීනට්ස්’’සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්රභේදයවත් මින්පසු ආනයනය කරන්නට අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 23 August 2022
තරුණයකුට සුද්දයක් දැමූ පොලිසියේ හතරක් මාට්ටු කොට්ටාව විද්‍යාල හංදියේදී තරුණයකුගේ ගෙළ බැඳි රන් මාලය සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථනය කොල්ලකෑවැයි මාලබේ පොලිසියට අනුයුක්ත පොලිසියේ සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය කියයි. 23 August 2022
සතොස අත්‍යවශ්‍ය ආහාර 5ක මිල පහළට ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහක මිල අද (23) සිට වහාම අඩු කළ බව ලංකා සතොස උසස් නිලධාරියකු පැවසීය. 23 August 2022
සහල් වංචා කළ අයකු ගිනි අවි සමග මාට්ටු සහල් නිෂ්පාදකයන්ගෙන් සහල් ලබාගෙන අගරු චෙක්පත් දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර සැකකරුවකු මිනුවන්ගොඩ කෙසෙල් කොටුව ප්‍රදේශයේ දී ගිනි අවි තුනක් ඇතුළු භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 23 August 2022
විදුලියෙන් දුවන බස්රථ ත්‍රීරෝද රථ මහපාරට විදුලියෙන් දුවන බස්රථ සහ ත්‍රීරෝද රථ මාර්ගයට යොමු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ. 23 August 2022
විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර්ට වරෙන්තු පාර්ලිමේන්තුව අසළ පොල්දූව වටරවුමේ පැවති විරෝධතා ව්‍යාපාරයක දී ගැටුම්කාරී තත්ත්වයක් මෙහෙය වූවායැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලාවල මහතා අද (23) වරෙන්තු නිකුත් කළේය. 23 August 2022
කබ්රාල්ට එරෙහි නඩුව නොවැම්බර්වලට කල් යයි ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි නඩුවේ සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා ලබන මස නොවැම්බර් මාස (11) වැනිදා තෙක් එම නඩුව කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නියෝග කළේය. 23 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025