(විමුක්ති එස් රුද්‍රිගු සහ යොහාන් බාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් මහෙස්ත්‍රාත් අධිකරණය අද(6) නියෝග කළේය.
තිස් දෙහැවිරිදි ධනුෂ්ක ගුණතිලක අද(06) සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ ඔහුගේ නීතිඥවරිය වන සාරා බ්ලැක්, ගුණතිලකගේ ඇප කොන්දේසි තවත් ලිහිල් කරන ලෙස ඉල්ලමින් අයැදුම්පතක් ගොනු කළ අතර එම ඉල්ලීමට ඉඩ දෙමින් මහෙස්ත්‍රාත් ඉයන් ගයි විසින් මුහුණු පොත සහ ඉන්ස්ටග්‍රෑම් භාවිත කිරීම තහනම් කරමින් පනවා තිබූ ඇප කොන්දේසි ඉවත් කිරීමට නියෝග කරන ලදි.
ගුණතිලකගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස සාරා බ්ලැක් නීතිඥවරිය කළ ඉල්ලීමට සිඩ්නි පොලිසිය විරෝධතාවයක් පළ කර නොතිබිණ.
නමුත් තවමත් අනෙක් ඇප කොන්දේසි ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන අතර තවදුරටත් ප්‍රේම සබඳතා ආරම්භ කිරීම සඳහා පුද්ගලයන් දැන හඳුනාගන්නා මෘදුකාංග භාවිත කිරීම ගුණතිලකට තවදුරටත් තහනම් වේ.
එසේම ගියවර නඩුව කැඳවූ අවස්ථාවේදී ගුණතිලකට වට්ස් ඇප් මෘදුකාංගය භාවිත කිරීමටද සිඩ්නි අධිකරණය අවසර ලබා දුණි.
එසේම කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත පසුගිය නොවැම්බර් මාසයේදී ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට ගත් අතර තවමත් එම චෝදනා 4 ට තමන් වැරදිකරු හෝ නිවැරදිකරුදැයි අධිකරණය හමුවේ ගුණතිලක මහතා ප්‍රකාශ කර නොමැති බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පෙන්වා දී තිබේ.
තවදුරටත් ගුණතිලකගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ පවතින බවත් ඔහුට රටින් පිටවිය නොහැකි බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.
එළඹෙන 27 වැනිදා නඩුව නැවත වරක් කැඳවීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කෙනෙක් ලංකාවේ කණ්ඩායමේ හිටියේ නෑ... එපමණයි.
දැන් මෝල් කලන්තේ අඩුවෙලා ඇති. මොවුන් රටෙනුත් පන්නලා දාන්න ඕනේ. රටට කරපු නින්දාවට. නොදියුණු රටක ක්‍රීඩකයෙක්වත් මේ වගේ ගොන්, අපත වැඩකරලා නැතුව ඇති. අපතයින්ට මුදලුයි, ප්‍රසිද්ධියයි ලැබුණාම මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ලංකාවේ වගේ මුදල්වලින් හැමදේම කරන්න බෑ.