අධිවේගය හැදූ මුදලින් සියයට 10ක් යොදා පොදු ප්රවාහනක් හදන්න තිබුණා පසුගිය වසර 20ක කාලය තුළ අධිවේගී මාර්ග වලට යොමුකළ මුදලින් සියයට 10ක් පොදු ප්‍රවාහනයට යොමු කළේ නම්, අද මෙරට නවීකරණය වූ දුම්රිය පද්ධතියක් හා මගී බස්රථ සේවයක් පවතින බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය 22 August 2022
දෙවැනි යූරියා නැව එයි ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් දෙවන තොගය අද (22) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් බර දෙනු ලැබීය. 22 August 2022
ආබාධිත පුද්ගලයන්ට රජයේ අනුග්‍රහය වැඩි කෙරේ ස්වයං රැකියාවල නිරතවන ආබාධ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන අනුග්‍රහය වැඩිකිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය. 22 August 2022
කළුබෝවිල රෝහලේ නාඳුනන සිරුරු 28ක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ හඳුනා නොගත් මළසිරුරු විසි අටක් වසරකට ආසන්න කාලයක සිට තැන්පත් කර තිබීමෙන් එහි දෛනික කටයුතු වලට දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ . 22 August 2022
රජය මැදිහත් වුවහොත් බේකරි නිෂ්පාදන අඩු කළ හැකියි රජය හා අදාළ බලධාරීන් බේකරි හිමියන්ට අවශ්‍ය සහය ලබා දෙන්නේ නම් පාන් රාත්තලක මිල රුපියල් 50/= කින් හා අනෙකුත් බේකරි නිෂ්පාදන මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කර ජනතාවට සහනයක් ලබා දීමට හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි. 22 August 2022
ලංකාවේ නාවික-ගුවන් හමුදාවන්ට තෙල් දෙන්න ඕස්ට්‍රේලියාව ඉන්දියාව එක්වෙයි ශ්‍රී ලංකාවේ නාවික සහ ගුවන් හමුදා වෙත ඉන්ධන ලබා දීම සඳහා ඕස්ට්‍රේලියානු රජය ඉන්දීය රජය සමඟ එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු කොමසාරිස් පෝල් ස්ටෙෆන් මහතා පැවසුවේය. 22 August 2022
වැඩිමිලට සහල් වික්ක අපු‘ර අටකට 8,80,000ක් දඩ රජයේ පාලන මිළට වඩා වැඩි මිළට සහල් අළෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙදසැල් හිමියන් අට දෙනකුට රුපියල් අට ලක්ෂ අසූ දහසක දඩයක් ගෙවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළහ 22 August 2022
රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අල්ලයි රූපවාහිණී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුලු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවෙක් කුරුදුවත්ත පොලිසියට අද (22) බාර වු බව පොලිසිය පවසයි. 22 August 2022
නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුට පරහදුන් අට දෙනාට ඇප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙනකුට එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක්මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 22 August 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අනිද්දා මැතිසබයේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් අනිද්දා (24) උදේ 10:30 ට පැවැත්වේ. 22 August 2022
රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට ඇප අධිකරණ නියෝග කඩ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමිට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 22 August 2022
පොහොට්ටු ආධාරකරුවන් බේරේට තල්ලු කළ අය සොයයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බේරේ වැවට තල්ලු කළ කණ්ඩායම සොයා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. 22 August 2022
ශ්‍රී ලාංකේය ඉතිහාසේ ආර්ථිකය ගැන කියන තෝණිගල සෙල් ලිපිය බලන්න අවසර වව්නියාව කුඩාකච්චිකොඩිය ප්‍රදේශයේ පිහිටා ඇති ඓතිහාසික තෝණිගල සෙල්ලිපි වසර 20 කට පමණ පසුව මහජන ප්‍රදර්ශනයට විවෘත බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි. 22 August 2022
සුන්දර වන වගාවක් පුච්චති කොළොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් බුත්කන්ද බොරළුවගේ අයින ගමෙි අක්කර තිහක වන වගා භූමියක් ගිනි තබා විනාශ කර ඇතැයි ගම්වාසීහු පවසති. 22 August 2022
රටේ බලය ගත හැකි සූත්‍රයක් ජනපති හෙළි කරයි රටෙි බලය ගන්න අවශ්‍ය නම් ගමට ඇවිත් වැඩ කර පෙන්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්ෂ වලට විවෘත ආරාධනයක් කළේය. 22 August 2022
ජනපතිගේ කතාව හා ක්‍රියාව පරස්පරයි ජනාධිපතිවරයාගේ කතාව සහ ක්‍රියාව අතර විශාල පරස්පරයක් පවතින බව සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය. 22 August 2022
ජනපති රට බාරගත් අරමුණු ඉටු වෙමින් තිබෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට බාරගත් අරමුණු අද ටිකෙන් ටික ඉටු වෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 22 August 2022
රටේ ආර්ථිකය කඩා වැටුණේ රජයන් තුනක වරදින් රටේ ආර්ථිකය කඩා වැටුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ නොවන බවත්, යුද්ධයෙන් පසු බලයට ආ රජයන් තුනම ඊට වග කිව යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 22 August 2022
හරක් බලන්න ගිය දෙකක් වල් අලි ප්‍රහාරයෙන් මරුට ගවයින් බැලීම සඳහා ගිය දිඹුලාගල සහ වැලිකන්ද, දිඹුලාගල කොට්ඨාසවල දෙදෙනකු 21 රාත්‍රියේ එල්ල කළ වන අලි ප්‍රහාරවලින් මියගොස් ඇති බව වැලිකන්ද සහ අරලගංවිල පොලිසිය පවසයි. 22 August 2022
අතහැර ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් සොයාගත් බව නාවික හමුදා පවසයි. 22 August 2022
විල්ගමු වකුගඩු රෝහලේ වැඩ අතරමඟ නතර වෙයි වකුගඩු රෝගීන්ගේ ලේ මාරු කිරීම් සඳහා මාතලේ විල්ගමුව රෝහල් භූමියේ ඉදිකිරීම් ආරම්භ කළ වූ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අතරමඟ නවතා දමීම නිසා එම ප්‍රදේශයේ වකගඩු රෝගීහු දැඩි අසීරුතාවය පත්ව සිටිති. 22 August 2022
ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබිමට දෙකක් අල්ලයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ ඉකුත් 4 වැනි දා සිදුවූ වෙඩිතැබීමට ආධාර අනුබල දුන්නැයි කාන්තාවක සහ තවත් අයකු සැකපිට ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත . 22 August 2022
පියාගේ පොලු පහරින් පුතා නොඑන ගමන් යයි පිටිගල අමුගොඩ සිත්තරගොඩ ප්‍රදේශයේදී පිය - පුතු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස්අ පියා විසින් එල්ල කරන ලද පොලු පහරවලින් පුතකු මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි. 22 August 2022
පොහොර ආනයනයේදි ලෝක බැංකුවෙන් දැඩි රෙගුලාසි ශ්‍රී ලංකාවේ මහ කන්නය සඳහා පොහොර ආනයනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වංචාවෙන් සහ දූෂණයෙන් තොර ක්‍රියාවලියක් බවට සහතික කිරීමට ලෝක බැංකුව දැඩි රෙගුලාසි හඳුන්වා දී ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. 22 August 2022
ගිය වසරේ කිරිපිටි ටොන් අසූතුන්දහසක් බීලා සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 83,024 ක් ගිය වසරේදී ආනයනය කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි. 22 August 2022
කෑම ප්‍රමාද වුණැයි පියා දැරියගේ ඔළුව බිත්තියේ හප්පලා දිවා ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින් 16 හැවිරිදි දියණිය ගේ හිස අල්ලා බිත්තියේ ගැසු පියාකු ලබන මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළාය . 22 August 2022
පළාත් කීපයකට තද වැසි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, කුරුණෑගල,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 August 2022
‘‘ශ්‍රී ලංකාව ගමන් මඟ හොඳ නෑ‘‘ ශ්‍රී ලංකාව ගමන් කරන දිශාව පිළිබඳ තවමත් සෑහීමකට පත්විය නොහැකි බවත් තවමත් දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලා මහා පරිමාණ විරෝධතා පැවැත්වෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්රස් සාමාජික සාමාජිකාවන් පිරිසක් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු කාර්යාංශයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය වෙත යැවූ ලිපියක සඳහන් වේ. 22 August 2022
ගෝඨාභය යුද අධිකරණය යවන්නැයි සංදේශයක් දෙමළ ජන සංහාරයකට වගකිව යුතු බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එයට සහාය දුන් බව කියන පිරිස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි ලීලාදේවි ආනන්දන් නඩරාජා මහත්මිය වව්නියාව නගර සභා මණ්ඩපයේදි පැවසුවාය. 22 August 2022
22 වගන්තියකට විරෝධය පා මන්ත්‍රීවරු 80කගෙන් ජනපතිට ලිපියක් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු ලැබ ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය නොකළහොත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූවකට ආසන්න පිරිසක් පෙත්සමක් අත්සන් කර ජනාධිපතිවරයාට බාර දීමට කටයුතු කරගෙන යන බව වාර්තාවේ. 21 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025