(ආරියරත්න රණබාහු)
1979 ගෙනා පැරැණි ත්‍රස්තවාදී පනතට වඩා නව ප්‍රතිත්‍රස්ත පනත දරුණු ජනපීඩක පනතක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
එය ජනපීඩක වහල් බව හා ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන පනතක් බැවින් එය හෙළා දකින බවද උන්වහන්සේ පැවැසූහ.
කොළඹ 8, අගරදගුරු මැදුරේ අද පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසූ උන්වහන්සේ මෙසේද කීහ.
මෙම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කරන යමෙකු වේද ඔවුන් මේ රට හා එහි ජනතාවට ආදරය නොකරන්නන් බව කිව යුතුය. මෙම පනත ගෙන එන හෝ එයට පක්ෂව ඡන්දය දෙන අය කරාම එය ඉදිරියේදී භූමරංගයක් වනු ඇති බවද අගරදගුරුතුමෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පනතට පක්ෂව ඡන්දය දෙන අයම විපක්ෂයට ගියදාට පනත අස්කරගන්න කියා ඉල්ලා සිටීම අනිවාර්යයි. කළකළදේ ඵලඵලදේ කියන්නේ එතකොටයි.
පනතට පක්ෂව ජංදය දීලා ගෙදර එන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාට හොදි්න් සළකන්නට කතෝලික ජනතාවට වගේම රටේ අනෙක් පුරවැසියන්ට කරන ආරාධනයකි. රටට සිදුවන අයහපතක් තරයේ හෙළාදකිමින් ජනතාව දැනුවත් කිරීම ඇත්ත වශයෙන්ම ආගමික නායකයන්ගේ යුතුකමක් වගේම වගකීමකි. කතෝලික ජනතාවගේ පැත්තෙන් අපි කාදිනල්තුමා ගැන සතුටුවෙමු.