(නිමන්ති රණසිංහ)
එකොළොස් හැවිරිදි තම බාලවයස්කාර දියණීය ඇගේ ඥාති සහෝදරිය සමග අස්වාභාවික ලිංගික ක්‍රියාවක හැසිරුණැයි දියණීයන් දෙදෙනාගේම රහස් ප්‍රදේශය ඇලුමීනියම් හැන්දක් රත්කර පු`ථස්සා කෲරත්වයට පත් කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් මවක ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (04) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි ඩෙවින්තා ඉෂානි පෙල්මිමන් නැමැති කාන්තාවය.
අවුරුදු 11ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනකුගේ රහස් ප්‍රදේශ පුලුස්සා කෲරත්වයට පත්කර ඇතැයි සදහන් කරමින් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
සැකකාරිය, වයස අවුරුදු 11ක් වන ඇගේ දියණීය සහ සැකකාරියගේ සහෝදරියගේ දියණීය මෙලෙස පුලුස්සා ඇති බවත් මේ වන විටත් එම දැරියන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙකට ඉස්සර රජයේ ඉහළ නිළධාරිනියක් තමන්ගෙ වාහනයේ රියදුරු සමග හැසිරීම නිසා විවාහක සැමියා ඉස්ත්‍රික්කය රත්කර ඔය වැඩේ කරල කොළඹ ප්‍රදේශයේ රෝහල් ගතවෙලා හිටියා කියලා කතාවක් අහන්න ලැබුනා සුවවෙලා ස්ථාන මාරුවක් සමග නැවතත් සේවයේ සිටි ඇය පසුව කොන්ත්‍රාත් පදනමෙන් තවත් කාලයක් කකටයුතු කලත් කිසිම පුවත්පතක් ඒක වාර්තා කලේ නැහැ
ළමයෙක්ගේ වර්ධනයත් සමග ඇතිවන ලිංගික වර්ධනය සහ ඒ ගැන ඇතිවන කුතුහලය අප මනාව තේරුම් ගත යුතුය. ඔවුන්ගේ ලිංගිකත්ව පරිනත භාවය හෝ වර්ධනය තීරණය වන්නේ ජීවත්වන පරිසරය සහ අසන්නට දකින්නට ලැබෙන දෑ මතය. මේ කාල වකවානුවේ ළමයි ඔවුන්ගේ දෙමාපියන්ගේ කාලයට වඩා ලිංගික ඡායාරූප, වීඩියෝ ක්ලිප් බැලීමට සහ ලිංගික භාෂනයට බහුල ලෙස අවස්තාවන් යෙදේ. සැම ළමයාම එක සමාන නොවුනට ඔවුන් විවිධ ලෙස ලිංගිකත්වය, ලිංගික ක්‍රියාකාරකම් සහ තවෙකෙක් සමග අත්දැකීමක් ලබන්න විවිධ වයස් මට්ටම් වලදී කැමැත්තක් දැක්වීම ස්වභාවිකය. නමුත් වයසින් මුහුකුරා යාමත් මේ පිලිබදව යම් දැනුම් ප්‍රමානයක් ලැබීමත් සමග මේ තත්වයන් වෙනස්වේ. පාලනයකට නතු වේ. මේ නිසයි මානා ලිංගික අධ්‍යාපනයක් මේ රටට අවශ්‍ය. ළමයින්ට මෙන්ම දෙමව්පියන්ටද මෙම අධ්‍යාපනය ලබාදී ඔවුන් තුල ඉන්නා බිල්ලා පන්නා දැමිය යුතුය. ලංකාවේ බොහෝ දෙමාපියන් ලමයෙක්ව හදන්න කරන්න ඕන වැඩේ ප්‍රමානයටත් වඩා දැනගත්තට ලැබෙන ළමයා හදාගන්න දන්නේ නැත.