(යොහාන් භාසුර)
විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමගාමීව අඩු කළ යුතු බවත් ඒ අනුව විදුලිගාස්තු සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (4) පැවසීය.
මෙම සියලු සාධක පිළිබඳව අවධානය යොමුකර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට මාර්තු 30 වැනි දින නිර්දේශ කළ බව කී රත්නායක මහතා ඉහළ විදුලි ගාස්තුවෙන් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ථ අංශයේ ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට සහ කුඩා ව්‍යාපාරවලට කඩිනමින් සහනයක් සැපයීමට විදුලි ගාස්තු අඩු කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.
ඉන්ධන මිල පහළ යාමේ වාසිය ජනතාවට වහා ලබාදිය යුතු බවට මුදල් අමාත්‍යංශය ද නිර්දේශ කර තිබියදී ඒ අනුව තවදුරටත් කල් නොදමා විදුලි පාරිභෝගිකයාට ද සහන සැලසීමට පියවර ගත යුතු බව කී රත්නායක මහතා සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු යෝජනා සකස්කරන විට ගල් අගුරු කිලෝ එකක මිල රුපියල් 104 ක් ලෙස පදනම් කරගෙන තිබුණ ද මේ වන විට ගල් අගුරු කිලෝවක් රුපියල් 59.60 ක් බවට පත්ව ඇති බවත්ය.
ඒ වන විට ලීටරය රුපියල් 270ක් ලෙස සැළකු දැවිතෙල් ලීටරයක නියම මිල රුපියල් 187.50 ක් මෙන්ම නැප්තා ලීටරයක මිල රුපියල් 220ක් ලෙස සළකා ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු යෝජනා සකස් කර තිබූ බවත් වෙළෙඳපොලේ නැප්තා මිල මේ වන විට රුපියල් 153 ක් ද, ලීටරය රුපියල් 405 ක් ලෙස සැළකු ඩීසල් ලීටරයක් අද වන විට රුපියල් 247 ක් දක්වා පහළ බැස ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන අඩු මිලට දී විදුලි පාරිභෝගිකයාට සහන සැළසිය යුතු බවත් රත්නායක මහතා වැඩි දුරටත් සදඟන් කරයි.
කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (4) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සබාපති ජනක රත්නායක මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඔයා වැඩේ කෑවා. අඩු කරන්න අදහසක් තිබුණත් ඔයා කට ඉස්සර කර ගත්තු නිසා දැන් නම් ළඟකදී ඔය වැඩේ වෙන්නෙම නෑ...!