සපුගස්කන්ද පිරිපහදුවෙන් භූමිතෙල් ලීටර ලක්ෂ 10ක් නිකුත් කරයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසුගිය දින දෙක තුළ භූමිතෙල් ලීටර ලක්ෂ 10 ක් පමණ නිකුත් කළ බවත් එම භූමිතෙල් රටපුරා බෙදාහරිමින් ඇති බවත් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ උසස් නිලධාරියකු පැවසීය. 23 August 2022
ගෝඨා ගැන මානව කොමිසමෙන් රජයට නිර්දේශයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට දිවයිනට පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර ඇත. 23 August 2022
ආහාර හිඟ රටවල් අතරින් ලංකාව 5වැනි තැනට ලෝකයේ ඉහළ ආහාර කාණ්ඩයේ උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය. 23 August 2022
“සමුපකාර ව්‍යාපාරය මරන්න එපා” සෑම පළාත් සභාවකම තොරතුරු අනුව සමූපකාර ව්‍යාපාරය මැරීගෙන යන ව්‍යාපාරයක් යැයි සාක්ෂිවලින් ඔප්පු වී ඇති බවත් ග්‍රාමීය සාමාජිකත්වය දරණ සමූපකාරවලට රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය දියයුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 23 August 2022
විද්‍යා පීඨ සිසුන්ට ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයන්හි පුහුණුව ලබන ශික්ෂණලාභීන් සඳහා සහන පොලී පදනමක් යටතේ ශිෂ්‍ය ණය ආධාර ක්‍රමයක් ඇතිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 23 August 2022
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ඖෂධ වර්ග 3ට ඉහළ ඉල්ලුමක් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෑතකදී දේශීය වෙළෙඳපොලට හඳුන්වා දුන් ලෙවතිරොෂින් 50, ඔමපරෂෝල් 20 සහ මෙෆනමික් ඇසිඩ් 500 යන ඖෂධ වර්ග තුනට ඉහළ ඉල්ලුමක් ඇති බව එම සංස්ථාවේ උසස් නිලධාරියක් පැවසීය. 23 August 2022
අගමැති කාර්යාලයේ බඩු සොරාගත් අයෙක් මාට්ටු අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු එහි දේපළවලට පහරදී පහරදී අලාභානි සිදු කර දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය කියයි. 23 August 2022
ප්‍රදේශ කීපයකට තද සුළං සහ අකුණු අනතුරු බස්නාහිර, සබරගමුව පළාත්වලත්, කුරුණෑගල,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 August 2022
පොලීසිය අරලියගහ මන්දිරයේ තොරතුරු ඉල්ලයි අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් කොළඹ අරලියගහ මන්දිරයේ විනාශ කරන ලද දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසිය පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට දැනුම්දී ඇත. 23 August 2022
කාලගුණ අනාවැකිය වැරැදිලා ජංජාලයක් වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත. 23 August 2022
අපේ සේලයින් යුරෝපා වෙළෙඳ පොළට රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක ලංකාවේ පළමු සේලයින් නිෂ්පාදනාගාරය යුරෝපා තත්ව සහතිකය ලබා ගනිමින් යුරෝපා වෙළඳපොළ ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටී . 22 August 2022
ඩොලර් පෙන්නා අගරු චෙක් දුන් අධ්යක්ෂවරු දෙකක් රිමාන්ඩ් ඇමරිකානු ඩොලර් ලබා දෙන බව පවසා රුපියල් කෝටි පහ හමාරක මුදලක් වංචා කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය. 22 August 2022
දෙවටේ රෙදි කඩයක් ගිනි රකුසාට බිලි ගාල්ල දෙවට නගරයේ අද රාත්‍රි හටගත් ගින්නකින් වෙළඳසල් දෙකකට බර පතල හානි සිදුව ඇතැයි වරාය පොලිසිය පවසයි. 22 August 2022
චීන මිතුරා පිටව යයි හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය. 22 August 2022
පිළියන්දල කලබල කළ ශ්‍රීලනීප ප්‍රා මන්ත්‍රි අල්ලයි පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට සම්බන්ධව සිටි බවට විමර්ශනවලදී අනාවරණය වූ කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි 22 August 2022
ලංකාවේ ප්රජාතන්ත්රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය ක්‍රමක්‍රමයෙන් විනාශ කර දමන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පැවසුවාය. 22 August 2022
පියත් නිකේෂල රිමාන්ඩ් අරගලය පැවැති ජුලි 13 වැනිදා කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට අයුතු ලෙසින් ඇතුලු වූයේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 26 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (22) නියෝග කළේය. 22 August 2022
චමින්ද කැලුම්ප්‍රියට ඇප ජාතික රූපවාහිණී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රූපවාහිණී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නමැත්තා රුපියල් ලක්ෂ එකහාමාරක මුදල් සහ රුපියල් ලක්ෂ 3ක ශරීර ඇපයක් මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (22) නියෝග කළේය. 22 August 2022
රටේ මූලික ප්‍රශ්න විසඳීමට ජනපති සමත් වුණා ගෑස් සහ ඉන්ධන ප්රශ්නය විසඳා රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න වලට කඩිනම් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා කොළඹ දී අද (22) පැවසීය. 22 August 2022
අඩු ආදායම් ලාභී පවුල්, ධීවර සහ වතු පිරිස් සඳහා භූමිතෙල් සහනාධාර භූමි තෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වතු ආශ්රිත පිරිස් සඳහා සෘජු මුදල් සහනාධාරයක් රජය විසින් යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි. 22 August 2022
බරින් අඩු පාන් වික්ක තුනකට නඩු බර ප්‍රමාණය අඩු පාන් නිෂ්පාදනය කොට අලෙවි කළ පන්නිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන බේකරි හිමියන් තිදෙනකුට විරුද්ධව කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මිනුම් ඒකක ප්‍රමිති හා සේවා අංශය මගින් නඩු පවරා ඇත . 22 August 2022
ත්‍රස්ත පනත ගැන ජී.එල් පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක් රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීමෙන් රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල ගැටළු කාරී තැනකට ඇද වැටෙන බව විදේශ කටයුතු හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය. 22 August 2022
‘‘22 ජනතා පරමාධිපත්‍යයට හානියක්‘‘ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වන බවත් එමගින් ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් වන බවත් ජනාධිපති නිතීඥ මනෝහරද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (22) පැවසීය. 22 August 2022
බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් ශ්‍රී ලංකාවේ ඛනිජතෙල් ක්ෂේත්රය පෞද්ගලී කරණය කිරීමට විරෝධය දක්වමින් ඛනිජතෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව විහාරමහදේවි උද්‍යානය අසල සිට අර්නස්ට් ද සිල්වා මාවතේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට අද (22 ) උද්ඝෝෂණයේ යෙදී එම අමාත්‍යාංශ ලේකම් වරයාට සංදේශයක් බාරදුන්හ 22 August 2022
වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි. 22 August 2022
හෙටත් පැය 3 ක විදුලිය කපයි නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට (23) දිනයේ ද ක්‍රියාත්මක කරන බව විදුලිබල මණ්ඩලය අද (22) පස්වරුවේ පැවසීය. 22 August 2022
රජිත් කීර්තිටත් ජනාධිපති අධ්යක්ෂ ධුරයක් දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්කර ඇත. 22 August 2022
නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට වාසුත් ඇවිත් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වුණු නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද සහභාගී වීම විශේෂත්වයකි. 22 August 2022
අරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක පාඩුවක් අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර ’’ගෝඨාගෝගම’’ අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු තක්සේරු වාර්තාවේ දැක්වෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 22 August 2022
සැප්තැම්බර් අවසානයට පෙර සරසවි යළි අරඹයි රටපුරා සියලුම විශ්ව විද්‍යාල සැප්තැම්බර් මස අවසානයට පෙර ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 22 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025