
(යොහාන් භාසුර)
බත් පාර්සලය, කොත්තු රොටි සහ ෆ්‍රයිඩ් රයිස් යන ආහාරවල මිල සියයට 20 කින් ද, තේ එකක මිල රුපියල් 10 කින් ද, අඩු කරන බවත් එම නව මිල අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (5) පැවසීය.
ගෑස් මිල අඩු කිරීමේ සහනය පාරිභෝගිකයන්ට දෙමින් රුපියල් 500 ක්ව පවතින කොත්තුවෙන් රුපියල් 100 ක් ද, රුපියල් 300 ක බත් පැකට්ටුවෙන් රුපියල් 60 ක් ද, ප්ලේන්ටියෙන් රුපියල් 10 කින් අඩු කර රුපියල් 30 ක් ද, වන බව ද කී අසේල සම්පත් මහතා එම සහනය ජනතාවට දීමට ආපනශාලා වාහාම කටයුතු කළ යුතු බව ද සදඟන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව හදන්න ජයවර්ධන වගේ දර පාවිච්චියට ගන්නෙ නැතෙයි
පාර්ලිමේන්තු කැන්ටිමේ බත් කොත්තු ගනන් අඩු වෙලාද?
දියවන්නාවේ කැන්ටිමේ ආහාර මිල ගනන් ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි?
මේ කිසිම දෙයක් ස්ථිර නැහැනේ කොහෙන් හරි නයක් අරගෙන මෙහෙම ටික දවසක් අඩුකරලා ජනතාව අන්දවල... තිබුන වගේ දෙතුන් ගුණයක් වදිකරන්නම වෙනවා මේවා රැවටීම්.. රස්සාවක් නැහැ කිසිම නිෂ්පාදනයක් නැහැ තියෙන එකත් වැහෙනවා දිනෙන් දින.. මෙහෙම රටක් ඉදිරියට යන්නේ කොහොමද තක්කඩි දෙගොල්ලොම එහෙට මෙහෙට පැන පැන රට ශක්තිමත් කියන්න දඟලනවා හැබැයි මිනිස්සු අපාදුක් විඳිනවා
ආණ්ඩුව හදන කොත්තුවේද ගාණ අඩු..?