
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසර අවසාන වන විට මෙරට උද්ධමනය සියයට 10 ට වඩා අඩු වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙන බව වීරසිංහ මහතා පෙන්වා දුන්නේය. පෙබරවාරි සහ මාර්තු මසට සාපේක්ෂව අප්‍රේල් මස උද්ධමනය තවත් අඩු වෙතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රමුඛතාව මත අයවැයේ සඳහන් කරුණුවලට භාණ්ඩාගාරයේ තීරණය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ණය මුදල අයවැය සහාය යටතේ භාවිතා කිරීමට හැකියාව තිබෙන නන්දලාල් මහතා කීය
එයට රජයේ එදිනෙදා වියදම් ද ඇතුළත් බවත් ශ්‍රී ලංකාව තාවකාලිකව අත් හිටුවා ඇති ණය නැවත ගෙවීම ආරම්භ කළ යුතු බවත් වීරසිංහ මහතා පැවසුවේය. ණය ලබාදීමේ විශේෂ කොන්දේසි ඇතුලත් කර නැතැයි වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ද්වි පාර්ශ්වික සහ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සමගාමීව පවත්වන බවත් එය ශ්‍රී ලංකාවේ උපාය මාර්ගය බවත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. එසේම රුපියලේ අගය තීරණය කරන්නේ වෙළඳපොළ බවත් ඊට මහ බැංකුව මැදිහත් වීමක් සිදු නොකරන බවත් ද්‍රවශීලීතාවය වැඩි අවස්ථාවන් හි පමණක් ඩොලර් මිලදී ගන්නා බවත් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා වැඩිකර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
කොන්දේසි සහිතව විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ චීන මහජන බැංකුව ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක මුදලත් ඊට අයත්ය.
පසුගිය වසරේ සියයට 7.8 කින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැකිලුනත් මෙම වසර අවසාන වන විට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමේ ලක්ෂණ පෙන්නුම් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව වීරසිංහ මහතා පැවසුවේය.
16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිය ශ්‍රී ලංකාවට 17 වතාවටත් යෑමට සිදුවුයේ පසුගිය 16 වතාවේම වැඩපිළිවෙල නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා බවත් 18 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම වැළැක්වීමට නම් මෙම කරුණ රජය සහ මහ බැංකුව පමණක් නොව ජනතාවද තේරුම් ගත යුතු බවත් වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.අඩියක් ඉදිරියට තබා අඩි දෙකක් ආපස්සට ගැනීම කිසිසේත්ම නොකළ යුතු බවත් අනෙක් 16 වතාවේ මෙන් නොව මේ වතාවේ ණය ගත් පාර්ශ්වය රජය බවත් වීරසිංහ මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගෙන යාමට අද(04) පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.50% සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.50% සීමාවේත් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දැඩි මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසෙම පවත්වාගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරදු දෙක හමාරේ චූටි ආර්ථික බබෙක් කියන කතා වගේ...........
ඔය උත්දමනය ගණන් බලන එකට බෙහෙත් ජාති එහම එකතු කරන්න බැරිද ? පොඩි ලෙඩකට උනත් ගන්න බෙහෙත් හැම මාසෙම අහස උසට ගණන් යනවා
ඔය කියන්නේ මැතිවරණයක් ලඟා වෙනකොට දෙන , සැමන් ටින් එකයි පරිප්පු හුන්ඩුව ගැන නේද ! මෙදා සැරේ එකත් අරගෙන තමයි කෙලල අරින්නේ ! ! !