
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රූමත් සම්භාහන සේවිකාවගේ නවාතැන්පොලට ඇතුළු වී උල් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ඇයගේ අත් පා ගැට ගසා ලිංගික අතවර කර රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු සහ සැලසුම්කරු වන ඇය සේවය කරන සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
අනෙක් සැකකරුවන් දෙදෙනා බස් කොන්දොස්තර වරයකු සහ පෙදරේරුවකු බව පොලිසිය කියයි.
සැකකරුවන් සමග කොල්ල කන භාණ්ඩ උණු කර තිබියදී ගෑම් 24 ක් ,ජංගම දුරකථන තුනක් , උල් පිහියක් , මුදලින් රුපියල් 35,000 , සැකකරුවන් එම අවස්ථාවේදී හැඳ සිටි ඇඳුම් සහ පාවහන් ,මෙන්ම නවාතැන්පොළේ දොර විවෘත කිරිමට යොදා ගත් ව්‍යාජ යතුර පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ඉකුත් මාර්තු මස 17 වෙනි දින සම්බාහන සේවිකාව සම්බාහන මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ම තෙවන මහලේ නවාතැන් පොලේ රැඳී සිටියදී සැකකරුවන් දෙදෙනා පැමිණ දොර විවෘත කරගෙන එකවරම බලහත්කාරයෙන් ඇතුළු වී ඇයට උල් පිහියක් පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර ලිංගික අතවර කර ඇය පැළඳ සිටි සහ බෑගයේ දමා තිබූ රුපියල් 6 ලක්ෂ 50000 ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ල කා අත් බෑගයේ තිබූ රුපියල් 45000 ක මුදලක්ද කොල්ලකා පලාගොස් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ ආදායම වෙන්න ඇති
කාන්තාවට කල ලිංගික අතවට කිරීම සම්පූර්ණයෙන්ම හෙලා දකිමි .නමුත් සම්බාහන සේවිකාව සතුව ලක්ෂ 6 1/2 රන් භාණ්ඩ ,මුදල් 45000 ප්‍රශ්නයක් මතුවෙනවා