(අංජුල මහික වීරරත්න)
2023 මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට බාර දෙන බවත් ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් දෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ සඳහා සෑම ගොවියකුටම QR ඛේතයක් ලබා දෙන අතර ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් එමගින් ලබා ගැනීමට හැකිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
2022/23 යල කන්නයේ දී යුරියා පොහොර හා බන්ඩි පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් වැය කර තිබේ. මෙවර යල කන්නයේ දී මඩපොහොර බෙදාහැරීම සඳහා ද රුපියල් බිලියන 02ක් වැය කිරීමට සිදුවූ බව අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරියි, QR වලින් පුද්ගලික අංශයෙන් මිල දී ගැනීමේදි මැති ඇමති නිලධාරි ගසා කෑම අඩුවෙනවා. තවද, ගොවියන්ට බලෙන් බෙදන පච කාබනික ජරාවත් නවත්වන්න. කෝටි දහස්ගානක් සල්ලි රටට ඉතිරියි.