(යොහාන් භාසුර)
රට තුළ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය අංශයේ උසස් නිලධාරියකුගේ ප්‍රායෝගික නොවන තීරණයක් මෙයට හේතු වී ඇති බවත් ඛනිජ තෙල් බෙදුම් කරුවන්ගේ සංගමය උසස් නිළධාරියෙක් පැවසීය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි කළමනාකරු සහ ප්‍රාදේශීය කළමනාකරුවන් චෙක්පත්වලට ඉන්ධන ඇණවුම් ලබාදෙන බවට පවසා තිබියදී එහි මූල්‍ය අංශය ප්‍රධානියකු මුදල්වලට පමණක් ඉන්ධන ඇණවුම් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසකට ඇණවුම් ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් එම උසස් නිලධාරියා කීය.
පෝය දිනය වන අද දිනයේ බැංකුව වසා තැබීම හේතුවෙන් මුදල් ලබා ගැනීමේ අපහසුතාවයක් ඇති බව කී එම උසස් නිලධාරියා ඉන්ධන කෝටාව වැඩි කර තිබීම හේතුවෙන් ජනතාව අඛණ්ඩව ඉන්ධන ලබාගැනීමට පැමිණෙන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අපහසුතාවයට පත් කරන කාලකන්නි මුසල අදම වැඩ බැරි නිලධාරීන් වහාම පන්නා දැමිය යුතුයි
මේ තමයි ඉන්ධන වලට තියෙන ඉල්ලුම පාලනය කරන එක විදියක්. දේශපාලන තුරුම්පු නැතුව ලංකාව පාලනය කරන්න බෑ. එච්චරටම රට දුෂිතයි.
අනුමානයක් නැහැ ගොම්මන්පිල උන්නැහේගෙ හෙංචයියෙක් වෙන්න ඇති සමහර දෙනෙකුටවත් මතක ඇතිනේ පසුගිය කාලයේ වෙච්චි දේවල් .
සේරම කතාවෙලා ඵක තීරනයක් ගනිල්ලා. මිනිසුන් අමාරුවෙ නොදා
පුද්ගලික සමාගම් තෙල් බෙදාහරින්න ආවට පසු ඔය ප්‍රශ්න නැති වෙනවා