(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයදී හමුදා සෙබළුන් ගමන් ගත් බස් රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ විසි දෙහැවිරිදි අවිවාහක තරුණියක මරණයට පත්වී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ කදාන රජයේ ඉඩම පදිංචිව සිටි විතානගේ දිමුතු රසාංජලී නැමැති විසි දෙහැවිරිදි පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරියකි.
මියගිය තරුණිය ඇගේ පෙම්වතා සමඟ උඩුවක ඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කජු මිලදී ගැනීම සඳහා යතුරු පැදිය නවතා තිබී ඇත.
තරුණිය යතුරුපැදියේ අසුනේ වාඩිවී සිටියදී පෙම්වතා කජු මිලදී ගැනීමට ගොස් ඇතැයි ද ඒ අවස්ථාවේ කොළඹ දෙසට ගමන් කළ හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථය යතුරු පැදියේ ගැටීමෙන් තරුණිය බරපතළ තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.
රෝහලට ඇතුළත් කෙරුණු තරුණිය එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇති අතර බස් රථය කඩා වැදීමෙන් කජු අලෙවිය සඳහා තබා තිබූ කුටිය පොඩිපට්ටම් වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .
යක්කල රණවිරු ඇපරල් ආයතනය වෙත හමුදා සෙබළ සෙබළියන් ප්‍රවාහනය කරන මෙම බස් රථය කුලී පදනම මත ලබා ගත් එකක් බව ද හෙළි වී ඇත.
වැස්ස ද පැවති අවස්ථාවේ බසයේ රියදුරාට එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව උනාම කොහොමත් යන්නේ වේගෙන් නේ.
රණවිරුවෝ කොහොමත් පාරේ යන්නේ අමුතු ගැම්මකින් .එතකොට ඔය වගේ දේවල් වෙනවා .දවසක් මම නොමැරී බෙරුනෙත් පෙර කල පිනකට
මේ පලවෙනි පාර නෙමෙයි ආමි බස් මිනිස්සු යට කරලා මැරුවේ .මේක හරියට වෙනවා.මුන් පාරේ යන්නේ යක්කු වගේ