(යොහාන් භාසුර)

ලිට්‍රෝ නව ගෑස් සිලින්ඩර 15,000 ක් එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව ලැබීමට නියමිත බවත් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

එම සමාගම හිස් ගෑස් සිලින්ඩර ආනයනික පිරිවැයටම ජනතාවට දීමට කටයුතු කරන බවත් තරගකාරී ගෑස් ආයතනයට සාපේක්‍ෂව එය අඩු මිලක් බවත් ඒ මහතා සඳහන් කළේය.