සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර බක් පුන් පොහෝදා වැඩසටහන හෙට (5) දා ඓතිහාසික මාතලේ අලුවිහාරයේදී සිදු කෙරේ.
සූර්යා සුවඳ කූරු ‘සදහම් සැරිසර’ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප්‍රෙද්ශවල බෞද්ධ සිද්ධස්ථාන මූලික කරගෙන ක්රිීයාත්මක වන අතර සුගන්ධ ධූප පූජා සුවඳ දුම් පෙරහරද පැවැත්වේ. විහාරස්ථානය අවට ප්රනදේශවාසීන්, උපාසක උපාසිකාවන් සහ කාර්ය මණ්ඩලයේද සහභාගීත්වයෙන් මෙම විශේෂ සුවඳ දුම් පූජාව සිදුකිරීමට සියලු කටයුතු මේ වන විට සංවිධානය කොට ඇත.
‘ගමයි පන්සලයි, වැවයි දාගැබයි’ යන ලාංකේය සංස්කෘතික උරුමයේ වටිනා දායාදමය බැඳීමට උරදෙමින් සදහම් සැරිසර දියත් කරන බවත් හෙට දිනයට ගුණධර්ම වලින් හෙබි පරපුරක් බිහි කිරීම උදෙසා සමාජමය ආකල්පමය. වශයෙන්ද වෙනස් කළ යුතු බවත් සන්මැච් ආයතනයේ අධ්යපක්ෂිකා සහ ප්රදධාන වෙළඳ නිලධාරිනී ගෞරී රාජන් මෙනවිය පවසයි.
සූර්යා සදහම් සැරිසර වැඩසටහනේ ගුවන් විදුලි මාධ්යර දායකත්වය සිටි එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාව දරන අතර මුද්රි්ත, වෙබ් සහ සමාජ මාධ්යව දායකත්වය ලංකාදීප පුවත්පත, ලංකාදීප Online විසින් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගඳ ගහන සමාජය ඔය සුවඳ කූරු පත්තුකරලා නම් සුවඳ කරන්න බැරිවෙයි. ආගම දහමේ හරය පවා විකුර්ති කොට බඩගොස්තරය වෙනුවෙන් දහම පාවිච්චි කරන ලෝකයේ වෙනත් රටක් නම් නැතිව ඇති.. ගමයි, පන්සලයි, වැවයි අද එක වගේම පරිහානියකට පත්වෙලා. දායකයින්ව මෝඩයෝ මෙන්ම හිඟන්නන් කරගෙන පුජකයින් සුඛවිහරණයේ යෙදෙන එකටද "යහපත් ආකල්ප වලින් පිරිපුන් සමාජයක්" කියන්නේ. බහුතර බෞද්ධයින් වෙසෙන බෞද්ධ රටක පන්සලෙන් බෞද්ධයින්ට දායාද කර තිබෙන ආකල්ප සමාජය නිරීක්ෂණය කලාම හොඳටම පැහැදිලියි. මොනා උනත් බක්පුන් පොහෝදාට අනුන් බිල ගෙවන ලයිට් වලින් නම් අඩුවක් නැතිවේවි පන්සලේ.. මාධ්‍ය කාරයොත් ඉතින් නයි නටවලා ජනතාව නොමග යවනවාට වඩා වෙන මොනවද මේ රටට කරලා තියෙන්නේ? කාට තිත්ත උනත් ඇත්තයි මම ලිව්වේ.
තමන්ගේ ගෙදර ගසේ හැදෙන පුෂ්පයන්ගෙන් බුදුන්ට පුෂ්පෝහාර දක්වන්න පුරුදු වෙන්න. සුවද දුම් පූජා කියමින් පන්සලේ හදුන්කූරු මාකටිං ප්‍රොපගැන්ඩා වලට අහුවෙලා මහන්සියෙන් හම්බකල තුට්ටුදෙක නැති කරගන්න එපා. සුවද දුම් මිලදී නොගෙන තම සිතින් ලෝබ ද්වේශ මෝහ ඉවත් කරමින් එය සුවදවත් කරගන්න. එය අවබෝධය කරා යාමට පහසුම මග සහ මහා බෝධි පූජාවක් (ගස නෙවෙයි අවබෝධය) වනවා ඇත.