
(බී.ජී.චතුරංග සහ බ්.ඩබ්.ඩ්. ධර්මකීර්ති)
ගොයම් කපන යන්ත්‍රයක ආධාරයෙන් තම කුඹුරේ ගොයම් කපමින් සිටි පුද්ගලයෙකුගේ හිසේ බැඳ තිබූ සරම, එම යන්ත්‍රයට පැටලී යාමෙන් එම පුද්ගලයාගේ හිස එම යන්ත්‍රය තුළට ඇදී ගොස් අද (4) සිදුවූ අනතුරකින් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්නෑව මිදෙල්ලෑව, ප්‍රදේශයේ පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ සිසිර කුමාර විජේකෝන් නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු ගල්නෑව පොලිස් වසමේ මිදෙල්ලෑව, අමුණුගම, හතරේ ඇල පාරේ පිහිටි තම කුඹුරු ඉඩමේ ගොයම් කපමින් සිටියදී වෙනත් අයකු ලබා දෙන ගොයම්, කොල මඩින යන්ත්‍රය තුලට ඇතුල් කර, එය අවසානයේ යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට යාමේදී, අව් රශ්මියට හිසේ බැඳ තිබූ සරම එම යන්ත්‍රයේ පැටලී යාම හේතුවෙන්, මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය .
අනතුරින් මරණකරුගේ හිස එම යන්ත්‍රය තුලට ඇදී ගොස් වම් පස රොදය අසල ශරීරයෙන් වෙන්වී මෙම යන්ත්‍රයේ වම් පස රෝදය අසල වැටී තිබියදී හමුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මරණය සම්බන්ධයෙන් ගල්නෑව හදිසි මරණ පරීක්ෂක එම්. දිසානායක මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය ගල්නෑව රෝහලට ඇතුළත් කර තිබුණි.
ගල්නෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පරීක්ෂක එම්. එම්. ආර්. සී. මුණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උප පොලිස් පරීක්ෂක අනුරසිරි, ආධුනික පොලිස් කොස්තාපල් දිසානායක (105266),ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට නිවන්සුව පතමු.! මෙවන් අකල් මරණයකට නිවන්දක්නා තුරු නොමවෙවා.
ඒ මහත්මාට කොච්වර වේදනාවක් දැනෙන්න ඇද්ද? යන්ත්‍ර සූත්‍ර එක්ක වැඩ කරද්දී ගොඩක් පරෙස්සම් වෙන්න ඕනෑ.