
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඩුබායි සිට ශ්‍රී ලංකාවට නීති විරෝධීව ආනයනය කළ රුපියල් කෝටි 30ක් පමණ වටිනා සිගරැට් ලක්‍ෂ 30ක් භාරයට ගත් බවත් එම සිගරැට් තොගය ගෑස් ලිප් යැයි පවසමින් ආනයන කර තිබූ බවත් ශ්‍රී ලංකා රේගුව පැවසීය.
ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය බුද්ධි තොරතුරු මත එම බහාළුම රඳවාගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම සිගරැට් තොගය සොයාගත් බව ද කී රේගුව ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ යූ. කේ. අසෝක රංජිත් මහතාගේ සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ චාන්දනී සෙනවිරත්න මහත්මියගේ අධීක්‍ෂණයෙන් වැඩි දුර පරීජෂණ පැවැත්වෙන බව ද සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd