(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව මොන සහන දුන්නත් වෙළඳ මාෆියාව විසින් එය සහන ජනතාව අතරට රැගෙන යන්නේ නැතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරිය නිදි බව කී අලුත්ගමගේ මහතා ආණ්ඩුව බඩු මිල අඩු කළත් සුපිරි වෙළඳසැල් වල භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනව බව සඳහන් කළේය.

කොමිස් අරගෙන බුදියාගෙන ඉන්නේ නැතිව එළියට බැස වැටලීම් කරන්නැයි පාරිභෝගික සේවා අධිකාරියට බල කරන්නැයි වෙළෙඳ ඇමති ගෙන් ඉල්ලා සිටින බව කී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවුරුදු කාලයේ ඒ කටයුත්ත කඩිනමින් කළ යුතු බවද සඳහන් කළේය.