(සිතුම් චතුරංග)
පෙරපාසල් කාලයේ ලබාදුන් රසකළ කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ රෝගීතත්වයක් හේතුවෙන් කිලිනොච්චිය , භාරතීපුරම් හි පෙරපාසලක දරු දැරියන් 12 දෙනකු අද (04) දහවල් රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
භාරතීපුරම් ප්‍රෙද්ශයේ පෙරපාසලේ දරු දැරියන් වෙත වැඩසටහනක් අතරතුර ලබාදුන් රස කළ දියර කිරි වර්ගයක් පානය කිරීමත් සමඟ දරුවන් එලෙස රෝගී වී ඇති බවත් දරුවන්ට ක්ලාන්තය , වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගෙන ඇති බවද රෝහල් ප්‍රකාශකයා කීය.
පෙරපාසල් දරුවන්ගේ මවුපියන් පැවසූයේ දියර කිරි ලබාදීමෙන් අනතුරුව තම දරුවන්ට ප්‍රථමයෙන් බඩ රිදීම වැනි රෝගී තත්වයන් පිළිබඳ පැවසූ අතර පසුව දරුවන්ට විවිධ ආසාත්මික තා ඇති වූ බවද පැවසීය.
කිලිනොච්චිය රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසූයේ රෝගීවූ දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.
දරුවන් පානය කළ රසකළ දියර කිරි පැකට් පරීක්ෂා කිරීම සඳහා අවධානය යොමු කළ බවත් කිලිනොච්චිය මහ රෝහලේ ප්‍රකාශකයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd