
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය දෙපාර්තමේන්තුවට පසුගිය කාලයේ ගෙන්වන ලද එම් 11 දුම්රිය එන්ජින් එකොළහෙන් දැන් වැඩකරන්නෙ දෙකක් පමණක් බවත් එම එන්ජින් ගෙන්වීමට කෝටි දාහක් වැය කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනෙක් එන්ජින් දුම්රිය අංගනවල නිකරුණේ තිබෙන බවද ඔහු සඳහන් කළේය.
අජිත් මානප්පෙරුම මහතා මෙසේද සඳහන් කළේය.
ඒ වගේම රුපියල් කෝටි 1156ක් වැය කරලා දුම්රිය මැදිරි එකසිය හැටක් ගෙනල්ලා තියෙනවා. ඒවායින් වැඩි කොටසක් අංගනවල ඔහේ තියෙනවා. ප්‍රයෝජනයට අරගෙන නැහැ. මේ ව්‍යාපෘතිය සැකසීම සඳහා විතරක් රුපියල් කෝටි එකසිය හතළිස් හතරක් වියදම් කරල තියෙනවා. ශක්‍යතා වාර්තා හදන්න.
ජනතාවට යන්න දැන් කෝච්චි නැහැ.
ගම්පහින් කෝච්චියට නැගලා කොළඹට එන්න මම ඔබතුමාට ආරාධනා කරනවා.මිනිස්සුන්ට යන්න කෝච්චි නැහැ.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;
මේවා මගේ බල සීමාව තුළ සිද්ධ වෙච්ච ඒවා නොවේ. අතීතයේ සිදුවුණු දූෂණ වංචා වලට අපි වගඋත්තර කාරයෝ නොවෙයි. ගොඩ ගහගෙන හිටපු දුම්රිය එන්ජින් මම ඇමති ධූරයේ වගකීම බාර ගත්තට පස්සේ නැවත අලුත්වැඩියා කරලා ප්‍රයෝජනයට ගත්තා. මම මේ ගැන සම්පූර්ණ වාර්තාවක් උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අතීතයේ සිදුවුණු දූෂණ වංචා වලට අපි වගඋත්තර කාරයෝ නොවෙයි", එහෙමනම් ඉතින් මෙ හොරුන්ට විරුද්දව නීතිතිය ක්‍රියත්මක කරන්නකො? මෙවට සම්බන්ද බොහොමයක් තාම රෙල්ලුවෙ ලොකු තැන්වල යහතින් ඉන්නවනෙ.
මොන එන්ජිම ගෙනාවත් අපේ රියදුරෝ දන්නේ අවුරුදු 50-70 පරණ ලඩි එලවන්න. අලුත් තාක්ෂණය අරහං. මේ වයසක බුලත්හප ඩෝප් කාරයෝ පරණ එන්ජින්වලට තියල ගණිත භෞතික විද්‍යා උපාධිධාරීන් කණ්ඩායමක් බඳවාගෙන නවීන එන්ජින්වලට පුහුණුව දෙන්න. ප්‍රතිඵලය බලාගත හැකියි.
වෘත්තීය සමිති නොදැනුවත්ව කෝටි 1000ක දුම්රිය එන්ජින් කැලේට යවලා..!
අනේ තොපි සේරම තොත්ත බබාලා. අපි තමා කාලකන්නි . ඕක තමා මුලු රටේම වෙන්නෙ.