(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න "අපි අන්ධයන් දැයි" සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
තමා කවුරුවත් කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නැතැයි ද අද තිබෙන ප්‍රශ්නය වන්නේ පක්ෂයකින් යනවාද?නැද්ද? කියන එක නොව රට ගොඩ නගනව ද? නැද්ද? කියන එක යැයි රාජිත සේනාරත්න මහතා කීය.
කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (6)මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
එහිදී මාධ්‍යවේදියෙක් විමසූයේ ඔබේ ප්‍රකාශයක් ගැන මාධ්‍යයේ පළවුණා.ඊයේ පෙරේදා ඉදන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අපි යන්නේ නැතැයි කියමින් ප්‍රකාශ කරනවා.මේ කාටද යන්නෙ නෑ කියන්නේ. ඔබතුමා යනවා කියලා දැනගෙන ද? යනුවෙනි.
ඊට පිළිතුරු දුන් රාජිත සේනාරත්න මහතා:-
නෑ ඉතින් බොහොම කට්ටිය කියනවා. අපිටත් කිව්වා කියන්න කියලා. මම ඔය කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නෑ.යනවද? යන්නේ නැද්ද? කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.රට ගොඩනගනව ද? නැද්ද? කියන එක විතරයි.
මම දේශපාලනයට ආවෙත් වෛද්‍ය වෘත්තියත් අයින් කරලා.ව්‍යාපාර කටයුතු අයින් කරලා.අද පඩියට පමණයි මගේ ආදායමක් සීමා වෙලා තියෙන්නේ.සියලු දේවල් වහලා දාලා මේ තත්ත්වයට ආවේ අරවා කියන්නයි මෙහෙම කියන්නයි නෙමෙයි.මට ආත්ම ශක්තියක් තිබෙනවා.එමෙන්ම මට දේශපාලන චින්තනයක් තිබෙනවා.ඒ අනුව තමයි මම තීන්දු ගන්නේ.
ප්‍රශ්නය:- සමගි ජන බලවේගයේ 40 ක්ම යනවා කියලා කතාවක් තියෙනවා.
පිළිතුර:-අරයා යනවා, මෙයා යනවා කියන්නේ මේක නෑගම් යනවා නෙවෙයිනේ.මෙිවා දේශපාලන තීන්දු.
ප්‍රශ්නය:ජනපති ආර්ථිකය ගොඩ දානවා කියලා ඔබට පේනවද?
පිළිතුර:- ඔව් ,පැහැදිලිවම අපි පිළිගන්න ඕන නේ.නැත්තං අපි අන්ධයෝ නේ.මුලු ලංකාවෙම අපිට හම්බවෙන ඔක්කොම මිනිස්සු කියන එක නැතුව අපි විතරක් වෙනම පක්ෂයක කියලා විවේචනය කරනවා නම් ඒ වගේ කරන්න පුළුවන් මාක්ස්වාදී කඨෝර අයට.දැන් පෝලිම් තියෙනවද? ඉන්ධන මිල ටිකෙන් ටික අඩු වෙනවා.ගෑස් පෝලිම් නෑ.ඊයේ පෙරේදා ගෑස් රුපියල් දාහකින් අඩු වුණා.පොහොට්ටුව ඇතිකරපු තත්ත්වයෙන් රනිල් වික්‍රමසිංහ කියන නායකයා රට මුදාගෙන තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරේ අය මේ හොදේ..... හිකිස්.
අනේ මුන් වගේ අපතයෝ. අහන ප්‍රශ්නයකට කෙලින් උත්තර දෙන්නත් බැහැ.
තාම කටේ දත් තියන නිසා හොදයි.මේ මනුෂ්‍ය ගේ ඉතිහාසය පුරාම කලින් කලට කියා තියෙන කතා බැලුවම.
ඇමතිකමක් ගන්න පනින්න වගේ පෙන්නේ.
පව් රට වෙනුවෙන් හැමදේම දාලා ඇවිල්ලා.
අපායෙ ඉන්ටවල් වලට මෙහෙම කමන්ට් කරනව කියන්නෙ මොළේ තරම පේනව. ණය අරගෙන ,ගෙවිය යුතු ණය නොගෙවා, කිසිදු ආදායම් මාර්ගයක් දියුණු නොකර මෙහෙම වෙනව කියන්නෙ මෙතන සැඟවුනු භයානක තත්ත්වයක් ඇති බව තේරෙනනෙ නැතිද?
මේ මිනිහාට ජරාව කන්න පුළුවන්, එයාටත් එයාගේ කාලයේ ,ඉතිහාසයේ වහන්න බැරි තරම් කුණු තියෙනවා, ඒ නිසා හොඳම තැන රනිල් රාජපක්ෂ මාෆියා ලෝකයයි.
මේ කුණු කානු කටා තමන්ගේ දේශපාලන ජීවිතයේ අන්තීම කාලයේ තව කීයක් හරි මහජන මුදල් ගසා කන්න දඟලන හැටි පෙනෙනවද? මුන්ට හොරා කන්නේ නැතුව බැහැ, දැන් හොරා කාපං වමාරන්න බලාගෙන.
ජරා මුඛය, ආත්මාර්ථකාමී, චරිත මකා දැමිය යුතුය
අය්යෝ මේ මහත්තයට ඇමතිකමක් දෙන්න. අය්යෝ.....සෞඛ්‍ය ඇමතිකම රසයිලු.
මුන් ඔක්කොම ඒකතුවෙලා රට කනවා. මුන් ණය අරන් හොරකම් කරපු සල්ලි ගෙවන්න අපෙන් බදු ගහනව. මිනිසු ලෝකෙ වටේ ගිහින් වැඩ කරලා සලිල් ඒ්ව්වා. රටේ ඉන්න උන් නොකා නොබී සල්ලි ඉතුරු කරලා දුන්නා. රනිල් පුටුවට උඩ ඉඳන් උන්නා. දැන් මුන් සුදු හුණු ගානවා.
මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නත් මෙයා ගියා. මොකක් හෝ පක්ෂෙකට හේත්තු වෙලා ඒ් පිහිටෙන් පාර්ලිමේන්තු ඒනවා. ඇමතිකමක් නැතිව ඉන්න බැරි ලෙඩක් මෙයාට තියෙනවා. ඒ් වෙලාවට රට, ජාතිය, ආර්ථිකය ඉස්සරයට දාලා ආණ්ඩුවට මුක්කු ගහන ඒක මේ මිනිහා හැමදාම කළා. බලයට තනතුරුවලට කෑදරකම ඉහවහා ගිහින්. මේ කරන්න යන්නෙත් ඒ්කමයි. දේශපාලන පක්ෂ මේ වගේ අපයතයන්ට නාමයෝජනා නොදිය යුතුයි.
පොහොට්ටු හොරුයි පින්පතිගෙ හොරු ටිකයි ඉන්න ආන්ඩුවට මුක්කු ගහල තමයි මෙයා රට හදන්න යන්නෙ. සජිත්තුමෝ මෙයාව එලවලම දාන්න.නැත්නම් මෙයා ඔබ තුමාගේ පක්‍ෂයත් කඩල හොරුන්ගෙ දෑත් ශක්තිමත් කරන්න යයි.යහපාලන ආන්ඩුකාලෙත් ඔක්කොම ලොකු හොරු බේරැවෙ මෙයා තමයි.
මේක තමා වාසියට පනින ගෙම්බන්ගෙන් ඉස්සෙලම පනින කෙනා. වටින් ගොඩින් දැන්ම පනින්න සෙට් වෙන්න යන්නේ.
මේ වගේ කටුස්සෝ ඕන තරම් පිටකොටුවෙන් හොයාගන්න පුළුවන්. මුන්ට දෙන්න එපා චන්දෙ එකෙක්වත්.
ලබන චන්දෙදි මොන පක්ශෙන් ඉල්ලුවත් මෙවැනි හොරුන්ට ජනතාව මනාපෙ නොදෙන බව දන්න නිසා , තම දේශපාලන ජිවිතේ අවසානය ලගා වෙන බව පෙනෙන නිසා අවසාන ඔවර් කිපෙදි තව ටිකක් ගරා ගන්න දරන ප්‍රයත්නයක් බව පෙනෙනව .
අනිවර්යයෙන්ම මොහු ගැලපෙන්නෙ පොහොට්ටුවට සහ රනිල්ට , මොහු යන එක සමගි බලවෙගෙ අනාගතේ සහ රටට හොඳය.
තාමත් මෙයාට ඡන්දෙ දෙන අය ඉන්නවද?
ඇත්තටම මේ මිනිස්සුන්ට ලැජ්ජාවක් කියලා එකක් නැද්ද? මේ ඔක්කොම එකතුවෙලා මේ තත්වෙට පත්කරලා තවත් ලැජ්ජාවක් නැතුව කියන කතා. IMF මුදල් ලැබෙන නිසා දැන් හිතුණා ආයෙත් ඒකෙන් කීයක් හරි හොරාකන්න. මේ මිනිස්සුන්ගේ ඥාතියන්ටත් පාරේ බැහැලා යන්න බැරුව ඇති මේ මිනිස්සුන්ගේ (ගෙම්බන්ගේ) හිඟන වැඩ නිසා. දැන්වත් හිටපියව්කෝ ගෙවල්වලට වෙලා හොරකපුවා වමාරන්න වෙලාව එනකන්. රටවැසියන්ගේ දේවල් හෝරාකෑම සඝ සතු දේවල් කෑවා වගේ තමයි.
මෙගොල්ලට චන්දෙ දෙන චන්ද දායකයො අමු මොඩයො වෙන්න ඔනෙ එහෙම නැතිනම් හොරු වෙන්න ඔනෙ , සාමාන්‍යය සිහි බුද්දියක් තිබෙන මනුස්සයො දැන් මොවුන්ට චන්ඩෙ නොදෙති.
කිසිම ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදී, ආත්මාර්තකාමී තමුන්ගේ පැවැත්ම ගැන පමණක් හිතන දූෂිත දේශපාලුවෝ ගැන මොන කතාද? කලින් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න පැන්නා වගේ මෙදාපාර පින් ජනපතියාව රකින්න පනිනවා ඇතිනේ?
එහෙට මෙහෙට පැනලා තමුන්ගේ පැවැත්මට ඇමැතිකම් ගන්න එක දේශපාලුවන්ගේ හැටියක්... දේශපාලුවන්ට කොහෙද ලැජ්ජාවක්...?
සෙට් එකටම හෙණ වදින දවස වැඩි ඈතක නැහැ.
අනේ ඇමැතිතුමා යටට ගහලා තියෙන අමුඩේ පොඩ්ඩක් පෙන්නන්නකෝ අනේ... අනේ... මෙයාව ගිහිල්ලා දාමු පිරුණු ගලි වලකට...
Comments දැක්කම තේරෙනවා කට්ටියගේ බුධ්ධිමට්ටම. දැන් අපිට ඕන අවංක ප්‍රයෝගික වැඩකරන්න පුළුවන් කටිටිය. සර්ව සමිපුර්ණ අය නැහැ. ඉන්න අයගෙන් හොඳම කෙනා තොරගන්න. අපිට ඉන්න අයගෙන් හොඳම කෙනෙක් තමයි රාජිත ඇමතිතුමා.