
උපුල් හේරත්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
මේ අතර වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි ද, එම ආරංචි මාර්ග පවසයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනකු රට හැර යෑම නිසා එම ඒකකය පසුගියදා වසා දැමූ අතර, ප්‍රතිකාර ලැබූ ළමා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කළේය.
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි විය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ගිය බව දන්නා බවත්, තවත් වෛද්‍යවරුන් පිරිසක් පිටව ගොස් ඇති නමුත් ගණන කොපමණද යන්න කිව නොහැකි බවත්ය.
මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුවේ පැන නැගී ඇති වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් දැනුවත්ව සිටින බවත්, එම ගැටලුවලට තවම විසඳුමක් නැති බවත් ඔහු කීවේය.
ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාඩු ලබා විදේශගත වීම කවදත් සිදුවන දෙයක් බව කී අධ්‍යක්‍ෂවරයා එය රාජකාරි ස්වභාවයක් බවද කීවේය.
සේවය අතහැර විදෙස්ගත වූ වෛද්‍යවරුන් වෙනුවෙන් කිහිපදෙනකු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යොමු කර ඇති බවත් මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා රෝගීන්ට විශාල බලපෑමක් එල්ල වී නැති බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැනගෙන විදේශ ගත වුනාට එහිදී අපූරුවට ඒ රටේ උපයන විට අය කරන බදු මුදළ රුපියල් වලින් නොවුනත් ඩොලර්වලින් ගෙවන්න ම සිදුවෙනවා. ලෝකයේ පළමු පන්තියේ රටවල් ඒ තත්වයට පත්වෙලා පවත්වාගෙන යන්න මේ උපයන විට අය කරන බදු මුදල් රටේ අදායමෙන් ඉදිරියෙන්ම තිබෙන බව ලංකාවේ සියලු දෙනාම සිහියේ තබා ගත යුතු දෙයක්. දොස්තර වුනත් අතුගාන මිනිහ වුනත් ඒ බද්ද තමාගේ තරාතිරම අනුව ගෙවන්න ඕනෑමයි . බදු එහෙම වුනාට දොස්තරටත් අතුගාන මනුස්සයටත් සමාජයේ එකම විදියටයි සලකන්නෙ . ලංකාවෙ නැත්තෙත් ඒකමයි .
මේකට සංගමේ කට්ටියම වගකිවයුතුය මොකද ඔවුන් තමන්ගෙ සාමාජිකයන් වේවා සාමාජිකයන් නොවේවා බලන්නෙ තමන්ගෙ රාජකාරි වලට වඩා රටේ ආණ්ඩුව කරන්න ඕන කොහොමද කියලා බැලීම පමණයි රෝගීන් ගැන කිසිම හැගීමක් නැහැ හැකියාව ඇති අයටවත් පුද්ගලික වෙද විදුහල් හදන්න දෙන්නෙ නැහැ ඉතින් සංගමේ කියන හැටියට වැඩ කරන්න බැරිවුණාම යනවා වෙන්න පුළුවන් දැන් බලන්න වයස අවුරුදු පහේ සිට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් වෙනතුරුම නොමිලේ අධ්‍යාපනය ලබා රට හැරගියාම ජනතා මුදල් කෝටි ගණනක් නාස්ති වෙනවා නේද කියලා .හරිනම් එහෙම ගිය අයගෙන් සම්පූර්ණ අධ්‍යාපන වියදම් අයකරන්න ක්‍රමයක් වහාම සකසන්න ඕන
හිඟන අපේ බදුවලින් ඉගෙනගත්ත ජීවකයෝ ආදායම් බදු ගෙවන්න බෑ කියල වැඩි සැප ගන්න විදෙස්‌ගත වෙනව. මුන් වැඩිපුරම යන්නේ ගෑනුන්ට වියදම සහ සැප මදිවට... හොඳම පිළිතුර නියමිත කාලයක් රටට වැඩ කරන බැඳුම්කරයක් සෑම විශ්ව විද්‍යාල පාඨමාලාවකටම ඇතුලත් කිරීම සහ යනවානම් එම මුදල පියවාගැනීම. වෙන විකල්ප මාර්ග නෑ.
කාලකන්නි වහල්ලුන්ට දාලා යන එකම තමයි හොඳ .බත් පැකට් එකටයි,කසිප්පු බෝතලයටයි රටම පාවලා දෙන නූගත් වහල්ලුන්ට කෙලවෙලා යන එක ඉතින් අහන්න දෙයක්ද
මේක ආණ්ඩුව ඉල්ලන් කෑවා. ආණ්ඩුව තමයි රට බන්කලොත් කරලා, ඩොලර් උපයන්න ඕන නිසා, රජයේ සේවකයන්ට අවුරුදු පහකට වැටුප් රහිත නිවාඩු ගන්න කිව්වා. දැන් හරිනේ. දොලරුත් නැහැ, වෛද්‍යවරුත් නැහැ. ආණ්ඩුවේ මෝඩ තීන්දු නිසා මෙහම වෙන්නේ.
කෝ අර රට බෙරගන්ඩ ආපු රටවිරුවො? දැන් සැපද?කාලකන්නි දේශපාලකයන් කොහොමත් මෙහෙ බෙහෙත් කරන්නෙ නැහැනෙ. එ අයට සිංගප්පූරැ යන්ඩ පුලුවන්.