IMG-LOGO

අ‘පුර රෝහලේ දොස්තර නවයක් සේවය හැර ගිහින්

උපුල් හේරත්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් නවදෙනකු සේවය හැරගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මේ අතර වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි ද, එම ආරංචි මාර්ග පවසයි.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිවු දෙනකු රට හැර යෑම නිසා එම ඒකකය පසුගියදා වසා දැමූ අතර, ප්‍රතිකාර ලැබූ ළමා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කළේය.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම නිසා වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබා ගැනීමේ අවස්ථාව ද අහිමි විය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ දුලාන් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ගිය බව දන්නා බවත්, තවත් වෛද්‍යවරුන් පිරිසක් පිටව ගොස් ඇති නමුත් ගණන කොපමණද යන්න කිව නොහැකි බවත්ය.

මහාචාර්ය වෛද්‍ය සංකීර්ණ ඒකකයේ 63 වාට්ටුවේ පැන නැගී ඇති වෛද්‍ය හිඟය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් දැනුවත්ව සිටින බවත්, එම ගැටලුවලට තවම විසඳුමක් නැති බවත් ඔහු කීවේය.

ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනකු නිවාඩු ලබා විදේශගත වීම කවදත් සිදුවන දෙයක් බව කී අධ්‍යක්‍ෂවරයා එය රාජකාරි ස්වභාවයක් බවද කීවේය.

සේවය අතහැර විදෙස්ගත වූ වෛද්‍යවරුන් වෙනුවෙන් කිහිපදෙනකු සෞඛ්‍ය අමාත්‍යංශයෙන් යොමු කර ඇති බවත් මෙලෙස වෛද්‍යවරුන් විදෙස්ගත වීම නිසා රෝගීන්ට විශාල බලපෑමක් එල්ල වී නැති බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (10)

අ‘පුර රෝහලේ දොස්තර නවයක් සේවය හැර ගිහින්

රාජේශ් ඛන්නා Thursday, 06 April 2023 01:26 AM

පැනගෙන විදේශ ගත වුනාට එහිදී අපූරුවට ඒ රටේ උපයන විට අය කරන බදු මුදළ රුපියල් වලින් නොවුනත් ඩොලර්වලින් ගෙවන්න ම සිදුවෙනවා. ලෝකයේ පළමු පන්තියේ රටවල් ඒ තත්වයට පත්වෙලා පවත්වාගෙන යන්න මේ උපයන විට අය කරන බදු මුදල් රටේ අදායමෙන් ඉදිරියෙන්ම තිබෙන බව ලංකාවේ සියලු දෙනාම සිහියේ තබා ගත යුතු දෙයක්. දොස්තර වුනත් අතුගාන මිනිහ වුනත් ඒ බද්ද තමාගේ තරාතිරම අනුව ගෙවන්න ඕනෑමයි . බදු එහෙම වුනාට දොස්තරටත් අතුගාන මනුස්සයටත් සමාජයේ එකම විදියටයි සලකන්නෙ . ලංකාවෙ නැත්තෙත් ඒකමයි .

:       7       10

AnuraThursday, 06 April 2023 01:16 PM

ඒ රටවල ලොකු බදු තිබ්බත් , ඉතිරි වෙන අදායමෙන් හොඳට කාල බිල ඉන්න පලුවන් , නැත්නම් ඒ රටවලට කවුරුවත් යන්නේ නැහැ නේ

:       5       6

රාජේශ් ඛන්නාSaturday, 08 April 2023 12:13 PM

ලංකාවෙන් ලබාගත් සාමාන්‍ය එම්බීබීඑස් උපාධියකට ලංකාවේ දොස්තර කෙනෙක් ලෙස රැකියාවක් ලබා ගැනීමට හැකි වුවත් පළමු පන්තියේ රටක එම උපාධියෙන් දොස්තර රැකියාවක් ලබාගන්න බැහැ. ලංකාවේ සාමාන්‍ය දොස්තර කෙනෙකු වශයෙන් සේවාව කරමින් සිටියදී ලංකාණ්ඩුවේ මුදල් වැයකර පළමු පන්තියේ රටකට ගොස් ලබාගන්නා විශේෂඥ උපාධි තිබෙන අය ලංකාවට සේවාවක් නොකර විදේශ ගතවීම සාධරණ ද යන්න සිතා බැලිය යුතු කරුණක්...

:       0       0

Kalakanniya Thursday, 06 April 2023 07:27 AM

මේකට සංගමේ කට්ටියම වගකිවයුතුය මොකද ඔවුන් තමන්ගෙ සාමාජිකයන් වේවා සාමාජිකයන් නොවේවා බලන්නෙ තමන්ගෙ රාජකාරි වලට වඩා රටේ ආණ්ඩුව කරන්න ඕන කොහොමද කියලා බැලීම පමණයි රෝගීන් ගැන කිසිම හැගීමක් නැහැ හැකියාව ඇති අයටවත් පුද්ගලික වෙද විදුහල් හදන්න දෙන්නෙ නැහැ ඉතින් සංගමේ කියන හැටියට වැඩ කරන්න බැරිවුණාම යනවා වෙන්න පුළුවන් දැන් බලන්න වයස අවුරුදු පහේ සිට විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය අවසන් වෙනතුරුම නොමිලේ අධ්‍යාපනය ලබා රට හැරගියාම ජනතා මුදල් කෝටි ගණනක් නාස්ති වෙනවා නේද කියලා .හරිනම් එහෙම ගිය අයගෙන් සම්පූර්ණ අධ්‍යාපන වියදම් අයකරන්න ක්‍රමයක් වහාම සකසන්න ඕන

:       3       7

Lalla Thursday, 06 April 2023 08:38 AM

හිඟන අපේ බදුවලින් ඉගෙනගත්ත ජීවකයෝ ආදායම් බදු ගෙවන්න බෑ කියල වැඩි සැප ගන්න විදෙස්‌ගත වෙනව. මුන් වැඩිපුරම යන්නේ ගෑනුන්ට වියදම සහ සැප මදිවට... හොඳම පිළිතුර නියමිත කාලයක් රටට වැඩ කරන බැඳුම්කරයක් සෑම විශ්ව විද්‍යාල පාඨමාලාවකටම ඇතුලත් කිරීම සහ යනවානම් එම මුදල පියවාගැනීම. වෙන විකල්ප මාර්ග නෑ.

:       7       11

සුරංග Thursday, 06 April 2023 01:42 PM

සහතික ඇත්ත කතාවක් තමයි ලල්ලා කියලා තියෙන්නෙ. මෙම යෝජනාව වහාම ක්‍රියාත්මක වෙනවා නම් රටට ඉමහත් සේවයක් වෙනවා

:       1       6

nuwan Thursday, 06 April 2023 09:47 AM

කාලකන්නි වහල්ලුන්ට දාලා යන එකම තමයි හොඳ .බත් පැකට් එකටයි,කසිප්පු බෝතලයටයි රටම පාවලා දෙන නූගත් වහල්ලුන්ට කෙලවෙලා යන එක ඉතින් අහන්න දෙයක්ද

:       2       7

casmirThursday, 06 April 2023 05:57 PM

සමහර විට මෙම වෘත්තිකයන් හොඳින් උගත් නමුත් ඔවුන් ශිෂ්ට සම්පන්නද? ඔවුන් මානුෂිකද? ඔවුන් වෘත්තිකයන්ද නැතහොත් මෙ පස සිටින උමතු දේශපාලන පක්ෂය කුමක්ද?

:       0       1

Hafeel Thursday, 06 April 2023 02:16 PM

මේක ආණ්ඩුව ඉල්ලන් කෑවා. ආණ්ඩුව තමයි රට බන්කලොත් කරලා, ඩොලර් උපයන්න ඕන නිසා, රජයේ සේවකයන්ට අවුරුදු පහකට වැටුප් රහිත නිවාඩු ගන්න කිව්වා. දැන් හරිනේ. දොලරුත් නැහැ, වෛද්‍යවරුත් නැහැ. ආණ්ඩුවේ මෝඩ තීන්දු නිසා මෙහම වෙන්නේ.

:       2       0

fairoos Thursday, 06 April 2023 02:30 PM

කෝ අර රට බෙරගන්ඩ ආපු රටවිරුවො? දැන් සැපද?කාලකන්නි දේශපාලකයන් කොහොමත් මෙහෙ බෙහෙත් කරන්නෙ නැහැනෙ. එ අයට සිංගප්පූරැ යන්ඩ පුලුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1069 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site