IMG-LOGO

පිසූ බත් වැඩියි කියා දියණියගේ මුහුණ පුච්චලා

( සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ක්‍රියාත්මක වෙමින් තිබූ රයිස් කුකුර් එකෙහි පියනෙන් 16 හැවිරිදි  දියණියගේ මුහුණ පිලිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ  කළ බව පින්වත්ත පොලිසිය පවසයි .

පින්වත්ත ,  වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියක් සිය මව සමග පැමිණ කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

පිලිස්සීම් තුවාල සහිත දැරිය සිය මව සමග ඊයේ (05) රාත්‍රි  පොලිසියට පැමිණිලි කර , ප්‍රතිකාර සදහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලිසිය කීය.

දැරිය එදින රාත්‍රි 7.45 ට පමණ බත් පිසිමින් සිටියදී  සැකකරු  නිවස පැමිණ ඇති අතර   දැරියගේ මව  අසල වෙළද සැලකට ගොස් සිට ඇත.

රයිස් කුකර් එකෙහි පියන විවෘත කර බැලූ සැකකරු මෙතරම් හාල් මොකටද උයන්නේ යනුවෙන් පවසා රයිස් කුකුර් එකේ පියන ගෙන දැරියගේ මුහුණට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කර ඇතැයි පොලිසිය කීය.

මුහුණ සහ කම්මුල් වල පිලිස්සීම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල් කරා යොමුකල බව පොලිස් නිළධාරීයෙක් පැවසීය .

සැකකරු අත්අඩංගුවට ගැනීමට  පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතා පැවසීය.

 

 

 

 



අදහස් (4)

පිසූ බත් වැඩියි කියා දියණියගේ මුහුණ පුච්චලා

Senarath Thursday, 06 April 2023 10:38 AM

අවුරුදු 16 පොඩි එකෙක් දන්නවද ගණනටම හාල් ලිපේ තියන්න .ඔහොම හරි කරන ළමයි ඉන්නේ කීයෙන් කී දෙනාද ?මේ නරුමයාට බත් වැඩිනම් ශීතකරණයේ තියා පසුව දාට ගන්න තිබුනා නේ

:       0       20

amara Thursday, 06 April 2023 10:58 AM

ඇත්ත ගැටලු තියෙන්නෙ කුස්සියේ. ක්ෂණික කෝපයක් ඇතිවෙන්න රටේ තත්ත්වයත් බලපානවා.

:       13       13

Sunil premaratne Thursday, 06 April 2023 02:46 PM

අම්මගෙ වරද හාල් කි. 1ක් 6දෙනෙකුට සෑහෙන බව දරුවට කියල දෙන්න තිබුනා. හාල් මනින්න හුන්ඩුවක් ගෙදර හදා ගන්න ඔනා. දරුවාගෙ මව ගොන් එලදෙනක්.

:       12       0

හින්නිමහත්තෙයා Thursday, 06 April 2023 07:56 PM

මිනිහා හිතාගෙන ඉන්නවා ඇති ගෙදර උයන්නෙ මිනිහට කෑමට විතරයි කියලා ඒකනේ එහෙම අහන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 173 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 670 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1068 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site