(සුමිත් පොතුපිටිය සහ රේඛා තරංගනී ෆොන්සේකා )
හරක් කටා සහ පානදුර සළිදු නමැත්තන් සමග මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් තරංග නැමැත්තාගේ මස්සිනා බව කියන මෝදර මය්යා නැමති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු හෙරෝයින් මත්කුඩු තොගයක් සහ රුපියල් ලක්ෂයකට ආසන්න ජාවාරම් මුදල් සමග අත්අඩංගුවට ගත්බව එගොඩඋයන පොලිසිය පවසයි .
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව එගොඩඋයන මෝදර තුඩුව ප්‍රදේශයේ දී සැකකරු පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබූ හෙරෝයින් ග්‍රැම් හයක් සහ ජාවාරම් මුදල් රුපියල් අනූනව දහසක් භාරයට ගත්බව පොලිසිය කීය.
25 හැවිරිදි සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් පරිදි දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd