ශ්‍රීලනිප පිරිසක් රාජ්‍ය ඇමතිකම් ලබාගත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂා ඇතිවයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රාජ්‍ය අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බවත්, ඔවුන් පක්ෂ ස්ථාවරයට පටහැනිව තම තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂා පෙරදැරිව මෙම අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවත්, එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.