ආසියානු සූරයෝ හෙට මවු බිමට ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙළපාළියකින් කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 12 September 2022
මවු කිරි සිරවී දින 45 දරුවා මරුට මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 12 September 2022
බදුල්ලේ මවයි-දුවයි ඝාතනයේ සැකකරු අල්ලයි බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පීන් වතු ගම්මානයේ සය දරු මවගේ සහ ඇගේ දියණිය ඝාතනය කර ඇත්තේ 20,000සක් නොදීම නිසා බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මරා දැමූ බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොරාගත් රන් ආභරණ සහ ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගෙන ඇත. 12 September 2022
මෘදුකාංග ශිල්පියා කෝටි ගණනකට විදලා පිලිකා රෝගීන් සහ වකුගඩු රෝගීන්ගේ සැත්කම් සදහා මුදල් පරිත්‍යාග කරන ලෙසට සදහන් පුවත්පත් දැන්වීම්වලට අමතා මුදල් පරිත්‍යාග කරන බව පවසමින් ඔවුන්ගේ තොරතුරු ගෙන අන්තර්ජාල මුදල් හුවමාරු මෘදුකාංගයක් ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළැයි කියන එරාවුර් ප්‍රදේශයේ පදිංචි පරිගණක මෘදුකාංග ශිල්පියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය. 12 September 2022
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් සැසියට ශ්‍රී ලංකාවේ ප්රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්කාර්යාලයේ වාර්තාව අද (12) මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට වැඩබලන මානව හිමිකම් මහ කොමසාරිස් නාඩා අල් නෂීෆ් මහත්මිය ඉදිරිපත් කළාය. 12 September 2022
වී මිලදී ගැනීමේ ගැටලුව ගැන ඉහළ තැන් දෙකකට කියන්න යයි යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් නොමැති වීමේ ප්රශ්නය කැබිනට් මණ්ඩලයට සහ ජීවන වියදම් කමිටුව කමිටුවට ඉදිරිපත් කොට විසඳුමකට එළඹීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 September 2022
රැජිනට ගෞවර දක්වන්න එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක් මහ රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට පැමිණෙන රාජ්‍ය නායකයන්,අනෙකුත් රටවල රාජකීයයන් සහ සම්භාවනීය අමුත්තන් හට ලන්ඩන් නුවරට පැමිණීමට වාණිජ ගුවන් යානා භාවිතා කරන උපදෙස් දී ඇත. 12 September 2022
උඩරට විවාහ පනතේ ගැසට්ටුව පිටවෙයි උඩරට විවාහ හා දික්කසාද සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත. 12 September 2022
ලංකාවට සහාය දෙන්න ආසියා සංවර්ධන බැංකුව සූදානම් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අසීරු තත්ත්වයෙන් මිදීමට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහාය ලබාදීමට අපේක්ෂා කරන බව ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා පවසයි. 12 September 2022
පාරේ තිබූ බසය හොරාගෙන පෙම්වතිය බලන්න ගිහින් පිළියන්දල බස් නැවතුම්පොලේ ගාල් කර තිබූ බස් රථයක් සොරාගෙන පෙම්වතිය බැලීමට ගිය 15 හැවිරිදි බාලවයස්කරු පැය තුනකට පසු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 12 September 2022
ජාතික සභා යෝජනාව න්‍යාය පුස්තකයට ආර්ථික ගැටලු ඇතුළු රටේ ප්‍රශ්න විසඳීම අරමුණු කරගත් ජාතික සභාවක් පිහිටුවීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත. 12 September 2022
අයියාගේ වියෝවෙන් කම්පාවට පත් නංගී ලය පැලී මරුට තම සහෝදරයාගේ හදිසි වියෝවට කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය ද ලය පැලී මිය යාමේ පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ. 12 September 2022
අගමැති වෙනස් කිරීමේ සූදානමක් නැහැ විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය. 12 September 2022
ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය . 12 September 2022
දමිතාට ඇප ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූයේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රවීණ නිළි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. 12 September 2022
මන්ත්‍රිනී හරිනිට කළ බාධාව සම්බන්ධයෙන් පරික්ෂණයක් රිමාන්ඩ් බාරයට පත්කර සිටි නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරියට මහත්මියට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. 12 September 2022
කඩුවක් සමඟ යාපනයේ නිවසක සැගව සිටි 4ක් අත්අඩංගුවට අපරාධයක් සිදුකිරීමේ අරමුණින් කඩුවක් සහිතව යාපනය මනිපායි ප්‍රදේශයේ නිවසක සැඟව සිටි තරුණයින් සිව්දෙනකු ඊයේ (11) රාත්‍රියේ අතඅඩංගුවට ගත් බව මනිපායි පොලිසිය කියයි. 12 September 2022
මාර්ටින් චොන්ගොන් පාර්ලිමේන්තුවට පැමිණෙයි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා අද උදේ පාර්ලිමේන්තුවට පැමිණ කතානායක මහින්ද යාපා අබේවර්ධන , පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු එහි ප්‍රධානින් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය. 12 September 2022
රට බංකොලොත් කරපු අයට ඇමති තනතුරු දීම පිස්සුවක් මේ රට බංකොලොත් කරපු අයට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවසීය. 12 September 2022
ශ්‍රී ලංකාවේ කඩාවැටීමට දේශපාලකයන් - නිලධාරීන් වගකිව යුතුයි දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය. 12 September 2022
වාහනයේ ගැටුණු තරුණයාගේ සිරුර මේෆීල් හන්දියෙන්න හමු වෙයි හැටන්- නුවරඑළිය මාර්ගයේ කොටගල මේෆීල්ඩ් මංසන්ධියේ මාර්ගය අසල වැටී තිබු පුද්ගල මළසිරරුක් අද (12) සොයාගත් බව දිඹුලපතන පොලීසිය පවසයි. 12 September 2022
පළාත් කීපයකට වැසි ස්වල්පයක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 September 2022
සමන්තා පවර්ගෙන් ලංකාවට හොඳ සහතිකයක් ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සහ ආර්ථික න්‍යාය පත්‍රය අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කළයුතු බව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවසුවාය. 11 September 2022
ක්‍රිකට් විරුවන්ට ජනපති සුබ පතයි ආසියානු කුසලාන කිරුළ දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. 11 September 2022
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමට අද (11) රාත්‍රී සමත් වුහ. 11 September 2022
ඒ.ටී.එම්වලින් ලක්ෂ 50ක් අද්ද තරුණයෙක් මාට්ටු ඒ. ටි. එම්. කුටි තුළ රැඳී සිටිමින් විවිධ පුද්ගලයන් මුලාකර ඔවුන්ගේ ඒ. ටී.එම් කාඩ්පත උපක්රමශීලීව සොරා ගෙන රුපියල් ලක්ෂ පනහකට (50 )කට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 11 September 2022
මරා ගල්වලේ දැමූ දැරියගේ සිරුර හමු වෙයි අමානුෂික ලෙස පහර දී මරා පොහොර උරයක බහා දෙල්වල උඩදෙල්වල ගඟපහළ ප්‍රදේශයේ පිහිටි පරණ පතල් වලකට දමා තිබූ හත් අවුරුදු දැරියකගේ මල සිරුර රත්නපුර මහේස්ත්‍රාත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය ඉදිරියේ අද ගොඩගත්තේය. 11 September 2022
දැල් පන්දු ශූරියන්ට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම් 2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිළිගන්වා තිබේ. 11 September 2022
ජනමත විචාරණයකට ජනපතිගෙන් ඉඟියක් මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවයන් සහිතව කටයුතු කරන අතර ඒ වෙනුවෙන් මාස හයක කාලයක් සියලු පක්ෂ වලට ලබා දී ඇතැයිද එම කාර්යය සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 September 2022
සමන්තා පවර් ජනපති හමුවෙයි ශ්‍රී ලංකාවේ තෙද නිල සංචාරයක නිරතව සිටින ජාත්‍යන්තර සංවර්ධන සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද(11) පැවැත්විණි. 11 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025