(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිධානයකින් ගත් බව පවසා මැණික් ගල් හා රන් බුදු පිලිමයක් ඇතුලත් කොට පාෂාණයකින් නිම කල චෛත්‍යයක් රුපියල් කෝටි දෙක හමාරක මුදලකට මාතර නගරයේ ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමට සූදානම් වු බව කියන ආයුර්වේද වෛද්‍යවරියක ඇතුළු සිව් දෙනකු මාතර නාවිමන ප්‍රදේශයේ දී සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පවසයි
ඒ පිළිබඳව යුද හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මාතර පොලීසිය දැනුවත් කර තිබුණි
ඒ අනුව මාතර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කෝට්ටගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දිනයක් පුරාවට මග රැක සිට අදාල ගණුදෙනුව සිදු කිරීමට සැකකරුවන් මෝටර් රථයකින් පැමිණි අවස්ථාවේ දී මෙම වැටලීම සිදු කලේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd