සෑම මන්ත්‍රීවරයකුටම බදු ලිපි ගොනුවක් අවශ්‍ය බව පොදුජන පෙරමුණ කියයි සෑම මන්ත්‍රීවරයෙක්ම බදු ලිපි ගොනුවක් ආරම්භ කළ යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසීය. 13 September 2022
භාෂාව නැතත් කොරියාවේ රැකියා වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 13 September 2022
පක්ෂ නායක රැස්වීමක් හෙට මැතිසබයේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (පක්ෂ නායක) රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (14) පෙරවරු 10.30ට පැවැත්වේ. 13 September 2022
සතොසෙන් වී මිලදී ගැනීමට පියවර වී අලෙවි මණ්ඩලයට බැංකු හරහා ප්‍රමාණවත් තරම් මුදල් නොලැබීම හේතුවෙන් වී මිලදී ගැනීම සම්බන්ධයෙක් මතුව ඇති ගැටලුවට විසඳුමක් ලෙස සතොස හරහා වී මිලදී ගෙන අලෙවි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 13 September 2022
ආණ්ඩු කඩා වැටෙන්න හේතුව ප්‍රසන්න හෙළි කරයි තම අමාත්‍යංශයට පත්වූ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා සහ අනෙකුත් නිලධාරීන් සමඟ එකට එක්ව එක පවුලක් ලෙස වැඩ කිරීමට තමන් සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (13) පැවසීය. 13 September 2022
ශ්‍රී ලංකාවේ තත්වය තවත් දරුණු විය හැකියි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් ඉතා ඉක්මණින් ආහාර ආධාර ලබා දීමේ වැඩසටහන් සහ ජීවනෝපායන් නගා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවූහොත් මෙම වසරේ ඔක්තෝම්බර් මස සිට ලබන වසරේ පෙබරවාරි මස දක්වා කාලය තුළ තත්ත්වය තවත් දරුණු විය හැකි යැයි ආහාර හා කෘෂිකාර් මික සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහන එක්ව නිකුත් කළ විශේෂ වාර් තාවේ දැක්වේ. 13 September 2022
ආහාර දෙපාර්තමේන්තුවට දස කෝටියක පොල්ලක් ආහාර කොමසාරිස් දේපාර්තමේන්තුව රාජ්‍ය හා පුද්ගලික ආයතන සදහා බදුපදනම යටතේ ලබාදුන් ගබඩා 66ක් සදහා හිග කුලිය වශයෙන් රුපියල් දසකෝටි අනුහතරලක්ෂ හැත්තැහයදහස් තිස්නමයක මුදලක් (109,476,039) අයවිමට ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 13 September 2022
ණය ප්‍රතිව්‍යුහගත කරන්න සාකච්ඡා පටන් ගනී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට උපදේශන සේවා ලබාදෙන ප්‍රංශයේ ‘ලසාඩ්’ ආයතනය මේ වන විට මෙරටට ණය ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද පැවසීය. 13 September 2022
ලංකාවෙි බඩ ඉරිඟු වගාවට ජාත්‍යන්තර සහය ලැබෙයි මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 200ක් ලබා දීමට ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) එක්ව එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 13 September 2022
මුදලිගේ වෙනුවෙන් වන්නියලා ඇත්තෝ කතා කරයි “අද බලයට පත් වෙලා ඉන්න ජනාධිපතිට බලයට පත් වෙන්න අවස්ථාව උදා වුණේ ඔය අරගලය හින්දා. වසන්ත මුදලිගේ කියන තරුණයා ආදිවාසී පරම්පරාවේ කාන්තාවක්ගේ කුසින් වැදූ , මේ ගමේ ඉපදිච්ච තරුණයෙක්. මම කියන්නේ ඒ තරුණයෝ වැරදක් කරලා තියෙනවා නම් දඩුවම් කරන. හැබැයි ඒ තරුණයෝ මාස ගණන් රඳවා ගනිමින් ශාරීරික පීඩාවලට වඩා මානසික පීඩනයක් හදවතට වේදනා ගෙන දෙන ආකාරයෙන් රදවාගෙන දඩුවම් කළ යුතු නැතැයි ආදිවාසී නායක විශ්ව කිර්ති වන්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්, පැවැසීය. 13 September 2022
පාන් පිටි නැතුව හෝටල් දහදාහක් වසයි රටපුරා හෝටල් 30,000න් 10,000ක් පමණ පාන් පිටි බිත්තර මස් මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 13 September 2022
මෝදි-පුටින් ජින්පින් හමුවක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් හෙට (15) සහ අනිද්දා (16) දෙදින පැවැත්වෙයි. හමුව පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේය. 13 September 2022
අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඩොලර් කෝටි 10ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිලදීගැනීම සඳහා වෙනත් ව්‍යාපෘති දෙකකට ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් කෝටි 10ක මුදලක් කඩිනමින් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව වැඩබලන කැබිනට් ප්‍රකාශක, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 13 September 2022
සංඥ වැඩ නැති දුම්රිය හරස් මාර්ගයේ මාරාන්තික අනතුරක් ගාල්ල මකුළුව දුම්රිය හරස් මාර්ගයේදි මාතර සිට වව්නියාව බලා ධාවනයවු ශීඝ්‍රගාමී දුම්රියේ හැපුන ලොරියක් ආපස්සට කැරකි නවතා තිබු යතුරු පැදි දෙකක වැදි සිදුවු අනතුරකින් බරපතල තුවාල ලැබු යතුරු පැදිකරුවකු අද (13) කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව ගාල්ල පොලිසිය පවසයි. 13 September 2022
මෝටර් රථයේ ගැටුණු මව මීටර් 23 ඈතට විසි වෙයි බණ්ඩාරගම කළුතර මාර්ගයේ යටියන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් වයෝවෘද්ධ කාන්තාවක් මෝටර් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම මිය ගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි. 13 September 2022
ෆෝන් ඇබ්බැහිය දරුවන්ගේ මොළ කුරුවල් කරයි දරුවන් වැඩි වේලාවක් තීරයන් සහිත විද්‍යුත් උපකරණවල රැඳී සිටින්නේ නම් ඔවුන්ගේ තර්කන හැකියාව සහ බුද්ධි වර්ධනය හීන වන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවැසීය. 13 September 2022
නව බඳවා ගැනීම් තාවකාලිකව නවතී රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය නොවන බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇතැයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 13 September 2022
රැජින වෙනුවෙන් 19 රජයේ නිවාඩු ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ලබන 19 වැනිදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර ඇත. 13 September 2022
අරගලය කළ තරුණ තරුණියන්ට රජයෙන් තෑග්ගක් අරගල කරුවන්ට නව නිර්මාණ කිරීම සඳහා නව නිර්මාණ පරිශ්‍රයක් කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පැවසීය. 13 September 2022
’’ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රකෘතිය ළඟා කරගන්න දැඩි සහායක් ලබා දෙනවා’’ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට, ආර්ථික ප්‍රකෘතිය ළඟා කර ගැනීමට දැඩි සහායක් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේදී චීනයේ නිත්‍ය නියෝජිත චෙන් සූ මහතා ප්‍රකාශ කළේය. 13 September 2022
යූ.එන් සමුළුවේදී චීනයේ සහය ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ඊයේ (12දා) ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා 13 September 2022
කුකුළුමස් - බිත්තර නැති වෙන හැඩ කුකුළු කර්මාන්තය සඳහා 2021 වසරේ දී කිකිළියන් 80,000ක් ආනයනය කළද මෙම වසරේ එය 7000 දක්වා අඩුවීම නිසා ඉදිරි කාලයේ දැනටත් වඩා බිත්තර හා කුකුළුමස් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි එම කර්මාන්තකරුවෝ පවසති. 13 September 2022
දැල් පන්දුවෙන් ආසියාව ජයගත් කෙල්ලො දිවයිනට ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ . 13 September 2022
කිඹුල් නඩු චෝදනාවට රාජිත නිවැරැදිකරු කියයි ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය. 12 September 2022
කෝටි 800 පිරමිඩ ජාවාරම් කළ පහකට රට යන්න තහනම් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් පස් දෙනකුට විදෙස් ගතවිම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය. 12 September 2022
දුමින්දට වජිරට ඇමැතිධූර නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන්ටද ඇමැති ධූර පිරිනැමෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත. 12 September 2022
වාහන පැති කණ්නාඩි හයට මිනියක් මරයි කොච්චිකඩේ දළුව කොටුව ප්‍රදේශයේ පිහිටි වාහන අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුළු වී එහි මුරකරුගේ අත් පා ගැට ගසා කටට පාන්කඩ ඔබා ඝාතනය කර මෝටර් රථ තුනක පැති කණ්ණාඩි 6ක් ගලවා ගෙන ගොස් ඇතැයි කොච්චිකඩේ පොලිසිය පවසයි. 12 September 2022
පොලිස් කතුන් නාද්දී වහළට නැඟ බැලූ පොලිස් අනංගයා මාට්ටු පොලිස් කාන්තා නිලධාරීනියන් නාන අයුරු එහි වහලයේ තහඩුවක් ඉවත් කර බැලූ බව කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 12 September 2022
ආසියානු සූරයෝ හෙට මවු බිමට ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ රථ පෙළපාළියකින් කොළඹ මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලය වෙත සහ ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 12 September 2022
මවු කිරි සිරවී දින 45 දරුවා මරුට මවු කිරි පිට උගුරේ යාමෙන් වයස මාස එක හමාරක බිළිඳකු මියගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි. 12 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025