
(යොහාන් භාසුර)
රැළිවලට හසුවෙලා ඡන්ද දෙන විට එහි ප්‍රතිඵලය ජනතාව මතකයේ තබාගත යුතු බවත් දැන් තාවකාලික සතුටක් ලැබෙන්නේ ණය නොගෙවන නිසා බවත් ‘43 වැනි සේනාංකයේ’ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පෝලිම් නැති නිසා, ගෑස් තිබෙන නිසා, පැය 24 විදුලි සැපයුම ලැබෙන නිසා, ඇවුරුදු උත්සව පැවැත්වීම සහ වෙසක් උත්සවයට සූදානම් වීම හේතුවෙන් ජනතාව මේ වන විට තාවකාලික සතුටක් ලබන බව කී ඒ මහතා ඩොලර් නොමැතිව ඇති වූ අර්ථික අර්බුදයට විසඳුමක් ලැබී නොමැති බව ද සඳහන් කළේය.
ඩොලර් නොමැතිව ඉන්ධන, බෙහෙත් ආනයන කරන්නේ ආනයනය කරන භාණ්ඩ 1200 ක් තහනම් කර ඩොලර් ඉතිරි කරගැනීමෙන් බවත් දැන් ණය නොගෙවුවද ඊට පෙර ණය ගෙවූ බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රැළිවලට හසුවී ඡන්දය දුන්නොත් ප්‍රතිඵල භයානකයි
Sampath Tuesday, 02 May 2023 04:54 AM
කතාව නම් ඇත්ත රැලිවලට හවුවෙලා චන්දය දුන්නෝය ඇනගන්නවා රිදෙන්නම. හිතට එකගව ම අනාගත දරැවන් වෙනූවෙන් චන්දය දෙමු.
Sampath Tuesday, 02 May 2023 04:54 AM
කතාව නම් ඇත්ත රැලිවලට හවුවෙලා චන්දය දුන්නෝය ඇනගන්නවා රිදෙන්නම. හිතට එකගව ම අනාගත දරැවන් වෙනූවෙන් චන්දය දෙමු.
මහී Tuesday, 02 May 2023 07:27 AM
අපේ හාමුදුරුවනේ... මෙයා දෙමටගොඩ හංදියේදී ඇක්සිඩන්ට් කරලා දැන් එනවා දේශනා තියන්න..
සත්‍යපාල Tuesday, 02 May 2023 08:33 AM
ලංකාවේ මිනිසුන්ට කන්න බොන්න දෙනවා නම් ඉන් එහාට කිසිවක් ගැන බලන්නේ නැහැ සමෘද්ධි දෙනවා කිව්වොත් අම්මා වුණත් පවරාදීමට තරම් මිනිස්සු නීචවෙලා තමයි ඉන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම රැල්ලට තමයි ඡන්දය දුන්නේ 1970 හඳෙන් හාල් කෑමට සමගි පෙරමුණ ජයග්‍රහණය කිරීම 1977 ඇට අටක් කන්න ජයග්‍රහණය කරවීම 1987-89 කාලයේ එජාප පාක්ෂිකයන් මරාගෙන ඒවා රජය මතම පටවා 1994 දේශපාලනයේ නොසිටි කෙනෙක් බලයට පත්කිරීම යහපාලනය කාලයේ පල්ලිවලට පහරදී එය ආණ්ඩුව මත පටවා දේශපාලන අ යන්නවත් නොදන්නා කෙනෙක් පත්කර රට අරාජික කිරීම, රැල්ලට යාමේ විපාක තමයි දැනුත් විඳවන්නේ මෙහෙම තියෙද්දී අපි අරුන්ට දුන්නේම නැහැ. මේ වාරයේ අයට දෙනවා කියන මැලේරියාවෙන් අසාධ්‍ය වෙලා සිටින රෝගීන් වගේ දුරදිග නොබලන තත්වයක් දැනට රටේ ඇතිවෙමින් තියෙනවා. ඇත්තටම මෙහෙම මිනිස්සු නිසා මට නම් තියෙන්නේ රට ගැන හරිම බියක් පමණයි..
fairoosTuesday, 02 May 2023 03:15 PM
ජාතිවාදයත් පොඩ්ඩක් ඇවිස්සුවොත් හරියටම හරි...
Rata Perata Tuesday, 02 May 2023 11:56 AM
මේ කතා බුද්ධිමත්ව තේරුම්ගන්න මිනිස්සුන්ට ශක්තිය ලැබේවා.
P. D goonawardene Tuesday, 02 May 2023 12:01 PM
නෑ..නෑ... උදේම දෙන්නම් මචං... අපි මේ ලැහැස්ති වෙන්නේ ඒකට තමයි...