(බී.ජී. චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කපා කොටා ඝාතනයට ලක්වූ පුද්ගලයාට, ඊට දින දෙකකට පෙර පහරදී තුවාල සිදු කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි,
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි.
මෙම සැකකරු සහ සැකකාරිය ඉකුත් 26 වන දා වැනි දා, අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් මරණකරුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, එම පහරදීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයදී සිදුවූ මෙම ඝාතනයටද මෙම සැකකරු සහ සැකකාරිය සම්බන්ධ වී ඇත්දැයි දැන ගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කරන බව ද පොලීසිය සඳහන් කළේය .
මැදවච්චිය මන්නාරම් පාර ප්‍රදේශයේ දී පුද්ගලයන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ජේ.ඩබ්ලිව්. රුවන් ගීත් විජිත යන අය බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ, මහාචාර්ය එකකයෙ පිහිටි 66 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් පසුගිය 28 වැනි දා අලුයම 4:30 ට පමණ එම වාට්ටුවට ඇතුළු පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා එම රෝගියා ඝාතනය කර පලා ගොස් තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රෝහල්වාට්ටුවේ ඝාතනයට දෙකක් සැකපිට